(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෛද්‍යවරුන් 957 දෙනකු වසරකදී ( 2022.8.30 සිට මේ වසරේ අගෝස්තු 30 දක්වා) සේවයෙන් ඉවත්ව ගොස් ඇතැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජී. විජේසුරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා කමිටුව)පැවසීය.
මේ පිරිසට කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගොස් ඇති 197 දෙනකු ඇතුළත් වන බව පැවසූ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවද ප්‍රකාශ කළේය.
සේවය අතහැර ගොස් සිටින 197 දෙනාගෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කිවේය.
වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් වන බවත් කුමන ගැටලු තිබුණත් රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඒ අයට එම නිවාඩු දීමට සිදුව ඇති බවත් විජේසූරිය මහතා පැවසීය.
සෞඛ්‍ය සේවයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට මේ හේතුවෙන් ගැටලු මතුව ඇතැයි පැවසූ විජේසූරිය මහතා වෛද්‍යවරුන් 71 දෙනෙකු මේ වසරේදී විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.
නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන් හිගයක් පවතින බව පැවසු විජේසූරිය මහතා සමහර ප්‍රාථමික ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවද සඳහන් කළේය.
මේ තත්වය තුළ ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවය පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුර්වේද වෙදකම දියුණු කළයුතුයි.
මෙයට විසඳුම වනුයේ... ජනතාවට විශ්වාස කළ හැකි., තිරසාර ආර්ථිකයක් නැංවීමෙන් පමණි. එය හීනයකි...
ජනතාව ගේ මුදලින් ඉගැන්නුවා නම් රජයෙන් රැකියාව දුන්නා නම් පුද්ගලික සේවයේ යෙදෙන්න රජය අවසර දුන්නානම්. විශ්‍රාම යනතුරු හෝ නියමිත කාලයක් සේවය කරනතුරු MBBS සහතිකය දෙන්න එපා. ඒ වගේම පිටරටක ආයතනය කින් මේ දොස්තර ගැන විමසු විට ධනාත්මක පිළිතුරක් දෙන්න එපා. සේවයෙන් පැන ආ විශ්වාසය කඩකළ පුද්ගලයෙක් හැටියට හඳුන්වා දෙන්න. සේවයෙන් පැනගිය එකාට වුණත් සෞඛ්‍ය ලොක්කා හොඳ නිර්දේශයක් දෙනවා. ඔවුන් ඔක්කෝම යාළුවෝ මල්ලී...!
අනෙත් වෘර්තිකයින්ට වගේම දොස්තරවරුන්ටත් තමන්ට කැමති රටකට යන්න තියන අයිතියට අපි ගරු කල යුතුයි