( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි .
පහර කෑ පොලිස් සැරයන් වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුව දායක මුහුදේ බීමත්ව පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී නෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකු සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
එම ස්ථානය දිය නෑමට අනාරක්ෂිත බව සම්බන්ධයෙන් එම පුද්ගලයින් ට අවවාද කොට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට නිලධාරීන් දැනුම් දීමක් සිදු කළ අවස්ථාවේදී අදාළ පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ කලහකාරි ලෙස හැසිරී ඇති අතර නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 සහ හවස අවුරුදු 30 අතර පසුවන රත්මලාන සහ පිළියන්දල අහුන්ගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්ට හොඳක් කරන්න ගිහිල්ලත් එය තෙරුන් ගන්නෙ නැති මෝඩයො ටිකක්. කූඩුව ඇතුලට දාල වෙරි හිදෙනකම් හොන්දට සලකන්ට තියෙන්නෙ.
මගේ නම් අදහස ඔවුන් කියන දේ අහන්න නැතුවාම රබර් බුලට්වලින් වෙඩි තියන්න ඕනෑ. ඒකට පොලිසියට රබර් බුලට් ඇති තුවක්කු දෙන්න...
රටට මොකක්ද වෙලා තියෙන්නෙ ඊයේ පෙරේදා අවුරුදු 16ක කොල්ලෙක් වැඩට ගොස් එන කාන්තාවක් දූෂණය කරන්න ගියා කියලා අහන්න ලැබුනා මෙතනත් එම වයසේ එවුන් ටිකක් පොලිස් නිළධාරින්ට ගහල කොහොමද මේ රට හදන්නෙ කියලා හිතන්න අමාරුයි ඇත්තටම මේවා වැඩිවුනේ ගෝල්ෆේස් විරෝධතා මර්ධනය නොකිරීම නිසා කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා වර්තමානයේ වරදක් කලත් බේරා ගැනීම වැඩිවීමත් හේතුවක් වෙනවා
පොලිසිය ජනතාව සමග කටයුතු කරන ආකාරය රටවල් පවතින සමාජ ක්‍රමය අතර වෙනස් විය යුතුයි. ඇමරිකාවේ සැකකටයුතු පුද්ගලයෙක් ළඟට යන්නේ Holster එකේ බොත්තම පන්න ගෙනයි... ඉන්දියාවේ කොරෝන කාලේ නීතිය කඩන අයට පොලුවලින් සංග්‍රහ කරපු හැටි අපි දැක්කා. ලංකාවේ ඉස්සර පොලිසිය මෙතුමා ඔබතුමා කියා විහිළුවලින් මිනිසුන් ඇමැතුවේ නැත. ඒ කාලේ පොලිසිය මිනිසුන්ට ගහපු හැටි මම දැක තිබෙනවා. ඒ කාලේ පොලිස් නිලධාරීන් හැඩිදැඩි මිනිස්සුයි. දැන් ඉන්නේ පැරණ්ඩල් වැනි කුරු මිනිස්සු. ඔවැනි පොලිස්කාරයින්ට කොල්ලෝ ගහන එක පුදුම නැහැ. එළුවොත් නිකට පාවී. වරෙන්තු කරුවන් අල්ලන්න යන්නේ පිස්තෝලයක් බැටන් එකක් නැතුව තනි තනිවමයි. එහෙම ගිහිල්ලා ගුටිකාලා එනවා...!
උදේ අත් අඩංගුවට ගත්තා... උසාවිය හවස ඇප දුන්නා... ඉතින් ගාණක් නැහැලු ඒ අයට...!