(සනත් ගමගේ)
හුංගම තලුන්න ප්‍ර දේශයේ මාළු ලෑල්ලක් අසල දි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇතිබව හුංගම පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහඳමෝදර පදිංචි 34 හැවිරිදි ධිවර කාර්මිකයෙක් බව පොලිසිය කියයි.
ඝාතනය සිදුකර ඇතැයි සැලකෙන පුද්ගලයා වාඩිගල නෙටොල්පිටියේ පදිංචි අයෙකු වන අතර සැකකරු ප්‍ර දේශයෙන් පලා ගොස් සැඟව ඇති බවද පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා රුපියල් 30000 ක මුදලක් සැකකරුගෙන් ලබාගෙන ඇති අතර සැකකරු එම මුදල ධිවර කර් මාන්තයේ යෙදෙන බෝට්ටු හිමිකරුගෙන් ඉල්ලා ලබාදි ඇති හෙයින් එම මුදල අයිති කරුට ලබා දෙන ලෙස කිහිප වතාවක් කියා සිටියත් එය පැහැර හැරීම හා රැකියාවේ යෑමට පවා නොයෑම හේතුවෙන් ඇති වූ උරණ විමක් මත දෙදෙනා අතර ඇති වූ බහින් බස් විමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතයි මූලික පරීක්ෂන වලදී අනාවරනය වි ඇති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය දීමෙන් මිතුරාත් සතුරා වෙනවා කියන්නෙ ඕකට තමයි ඇත්තටම ලංකාවෙ මිනිස්සු කොපමණ හිතවත් වුනත් ණයක් නොදිය යුතුය