(යොහාන් භාසුර) ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුෙ මෝපැවසූහ. ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා එසේ පැවසූහ. අවංකව, දේශපාලන බලපෑම්වලට යටවෙලා එක එක අයව ආරක්ෂා නොකර ඇත්ත වශයෙන්ම අවංක නිලධාරීන් හරහා නායකයෝ නායකත්වය ගන්නවා නම් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නොවන බවත් විනිවිඳ පෙණෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කළ යුතු බවත් අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කළහ.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රශ්නය තියෙන්නේ පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නැති එකම නේද?
හිමියනි! ඔබ වහන්සේ තව සැරයක් රැවටෙන්නද මේ හදන්නේ...?
පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිඳභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැත . එය සත්‍ය වේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ නම් එය ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ පරීක්ෂණ පිළිබද රටේ මහජනත්වට පරීක්ෂණ පිළිබද විසවාසය පලුදුවිම සහ පොලිසියේ සහ ආරක්ෂක අංශවල නොහැකියාව පිලිබදව ජාත්‍යන්තරයට කියා පෑමකි. නමුත් සත්‍ය එය නොවේ. ලංකාවේ පොලිසියට සහ අදිකරණයට දේශපාලන බලපෑම් සිදු නොවන්නේ නම් ඔවුන්ගේ රාජකාරිය නිසි අයුරින් සිදුවේ.
කාදිනල් තුමා විටින් විට වචන වෙනස කලාම අමාරැවේ වැටෙන්නේ සජිත් තුමා
ඔබවහන්සේගේ හිතේ ඉන්න වැරදිකාරයා ඇල්ලුවොත් තමයි ඕක සාධාරණ පරීක්ෂකනයක් වෙන්නේ. ජේවීපී, සජබලාට උවමනා මේක ගොටභය මහතා පිටින් යවන්න. නන්දිකඩාල් පරාජයෙන් පස්සේ ලන්ඩන්, නිව්යෝක්වලටත් අවශ්‍ය ඒක. එකනේ චැනල් 4 විහිළුව එලියට දාපු සැනෙන් ඒක කරේ තියා ගෙන දුවන්න ජේවීපී සජබල සැදී පැහැදී ඉන්නේ. සිංහල බොදු විරෝධීන්ට උවමනා මේක සිංහල බොදුනුවන් පිටින් යවන්න. ඕමල්පේ උන්නාන්සේට ඕන ඔබවහන්සේ කියන ඕනෑම දෙකට එහෙයි කියල කතෝලික චන්ද ටික පාටලී රණවකට අරන් දෙන්න. ඕක තමයි මේ රටේ හැටි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යහපාලන කාලේ ක්‍රියාත්මක උනු ඉතාම දියාරු ප්‍රතිපත්තිය නිසා අන්තවාදීන් තමන්ගේ අරමුණු කරා ගියා කියන එක "ක්‍රිස්ටල් ක්ලියර්" උනත්, එක පිළිගන්න අර යට කී පිරිස කැමති නෑ තමන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය නිසා. රටේ බුද්ධි අංශ 2018 කාලේ වගේ සිට මේ සම්බන්ධයෙන් දීපු ඔත්තු පිලිබඳ නැසූ කන්ව සිටිමින්, වවුනියාවේ, මාවනැල්ලේ, කාතන්කුදියේ වූ සිදුවීම් "සිංහල බොදු අන්තවාදය" යයි තමන් විසින් අටෝ ගත් කෙප්පයකට ලඝු කරමින් සිහින් ලොවක ජීවත් වූ රනිල්, මය්ත්රී ප්රමුඛ යහපාලන නඩේ තමයි මේකට වග කියන්න ඕන කියන එක කාදිනල් තුමාටත් වැටහෙන්න ඕන.
මට නම් දැන් හැමෝම සැකයි...
දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර ස්වාධීන පරීක්ෂණයක් අපේ රටේ අයගෙන් කෙරෙයි කියලා විශ්වාස කළ නොහැකියි.
ලන්කාවේ පාස්කු ප්‍රහාරය විතරමද උනේ???
අගරදගුරුතුමාගෙ කියවිම රට ගන හිතපු එකක් වගෙ. අවංකවම ඒ්ක නම් අඩම්බරයි
කාලෙකින් සත්‍යය වැටහෙන, කතාකරන මිනිහෙක් දැක්කා. මැක්ස්, ඔබට ජය...!!!
එහෙම ඔබතුමා කියන විදිහට අපේ රටෙ නායකයෙක් ඉන්නවද? මෙ ඔක්කොම එක වල්ලෙ පොල්.