13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය. 3 years ago
කෝටි 10 ගෙවන්න ටින් හොලවන්නද? පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාන්ගනයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස සහබාගී වෙමින් පැවසීය 3 years ago
ගුවන් යානක් ගිනිගෙන 68 ක් අළුවෙති යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 3 years ago
තෛපොන්ගල් රාජ්‍ය උත්සවය සමරන්න ජනපති යාපනයට යයි තෛපොන්ගල් රාජ්‍ය උත්සවය මෙවර යාපනයේ පැවත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින යාපනයේ සංචාරයක නිරත විය. 3 years ago
පොලිස් වෙසින් ඇවිත් ගෙට සුද්දයක් දීලා: තිදෙනෙක් අත්අඩංගුවට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවැසියන්ට මත්ද්‍රව්‍ය චෝදනාවක් එල්ලකරමින් එම නිවසකට ඇතුළු වී එම ජංගම දුරකථන සහ මුදල් කොල්ල කෑ බව කියන සැකකරුවන් හතරදෙනෙකුගෙන් තිදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලීසිය පැවසී ය. 3 years ago
විදුලි බිල වැඩියි කියා මනු කියවන්නාට පොලු පහර දීලා මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය අසන්නයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටි විදුලි මනු කියවන්නෙකුට පුද්ගලයකු පොලු මුගුරු වලින් අමානුෂීක ලෙස පහර දීමේන් බරපතල ලෙස තුවාල හා අස්ථි බිදිමකට ලක්ව හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 3 years ago
ගෙහිමි කත මරා මෙහෙකාරිය සල්ලි-රන්බඩු උස්සලා 60 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට විෂ සහිත ද්‍රාවණයක් මුහුණට ඉස පහර දී ඝාතනය කර රන් භාණ්ඩ සහ මුදල් රැගෙන නිවසේ මෙහෙකාරිය අතුරුදන්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 3 years ago
ශ්‍රී පතුළට ඉහළින් මුතු-මැණික්-රිදී වියනක් ශ්‍රී පාද පතුලට ඉහලින් රන් , මුතු , මැණික් සහ රිදි වලින් නිම කරන ලද රන් වියනක් ඊයේ (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ සවි කරනු ලැබීය. 3 years ago
පොලිසියෙන් කියා තරුණයකු පැහැරගෙන අවිස්සාවේල්ල රෝහල අතර අසල මාර්ගයේ රැඳී සිටි 18 හැවිරිදි තරුණයකු ඊයේ 14 වෙනිදා සවස කාලයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු විසින් යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 3 years ago
රාජ්‍ය ආයතන 55ක් මාස හතරට කෝටි අසූ හය දාහක් පාඩු ලබලා උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන ලෙස හඳුනා ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ( ව්‍යවසායන්) 55ක් පසුගිය වසරේ මුල් මාස හතරේදී පමණක් රුපියල් කෝටි 86,000ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 3 years ago
සිරිනිවාස හිමිගේ ඉඩම ඉල්ලා කතක් උසාවි යයි අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස හිමියන් තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියා පදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපරු දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රා 3 years ago
කොළඹ නගරාධිපති තරඟයට මුජුබර් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා නම් කිරීමට පක්ෂය ඒකමතිකව තීන්දු කරයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago