ලී බඩු සාප්පුව ගින්නට බිලි හයිලෙවල් පාර මීගොඩ නඩුහේන හන්දිය ආසන්නයේ පවත්වාගෙන ගිය ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවි සලක අද (30) උදෑසන ඇති වූ ගින්නකින් එම වෙළද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම ගිනි ගෙන දැවී ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 30 May 2023
උපයෝගිතා කොමිසමේ මුල් පුටුවට ඩග්ලස් යෝජනා කරයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ. 30 May 2023
‘බබා‘ගේ ගෝලයෙක් එස් ටී එෆ් දැලේ රුපියල් කෝටියකට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සහ ජර්මනියේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගය පිස්තෝලයක් සමග පාතාල සාමාජිකයකු අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත . 30 May 2023
මැලේසියාව සමග තිබුණු ගිවිසුමක් දීර්ඝ කරයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 30 May 2023
ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමක් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර රේගු කටයුතු පිළිබඳ සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 30 May 2023
අදත් පළාත් රැසකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 May 2023
මෝටර් රථය ඉස්සු දෙකක් මාට්ටු තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනා පැය විසි හතරක් තුළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 30 May 2023
චෙන්නායි සුපර් කිංග්ස් ශූරතාව දිනයි ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය. 30 May 2023
වව්චර වලින් ඕන පෝරක් මිලදී ගන්න රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර් පත්වලින් කැමති පොහොරක් මිලදී ගත හැකි බවද කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 30 May 2023
ව්‍යාපාරිකයා ඝාතනයේ තොරතුරු එළියට? ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයාට පසුගියදා බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ඉඹුල්ගොඩ දී කොළඹ අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇත. 30 May 2023
එජාපය කටුවන බලමණ්ඩලය පිහිටුවයි එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරි අන්ද්‍රා හැන්නඩි , ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 29 May 2023
ගුජරාට් ටයිටන්ස් පිල ලකුණු 214 ක් රැස්කරයි ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස්කිරීමට සමත් වූහ. 29 May 2023
මස් මාළු බිත්තර මිල වේගයෙන් ඉහළට වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 29 May 2023
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්නන්න යයි ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 29 May 2023
හැදල මුහුදේ සැඟවූණ තරුණයන් සොයා ගැනෙති හැඳල උස්වැටකෙයියාව ‘‘බේසම‘‘ නමැති මුහුදු වෙරළේ ඉකුත් දින දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු අද සොයාගත් බව පොලිසිය කියයි. 29 May 2023
මෝටර් රථ දෙපාර්තමේන්තුව තවත් මාස තුනක් ‘ඊ-මෝටරින්’ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් ඉදිරි මාස තුන තුළ මාර්ගත ක්‍රමය හෙවත් ‘ඊ-මෝටරින්’ ක්‍රමයට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය. 29 May 2023
හිටපුු ජනාධිපති සහෝදරයාගේ කෝටියක මුද්දක් නැති වෙලා රුපියල් කෝටියකට අධික වටිනා පවුම් 6 ක් බරති රන් මුද්දක් හා ඇමෙරිකන් ඩොලර් පන්දහක් සහ මුදලින් රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන මහතා පැමිණිල්ලක් කළ බව පොළොන්නරුව පොලීසිය කියයි. 29 May 2023
නාවිකයන් ගමන් ගත් බෝට්ටුවක් පෙරළෙයි වෙරළ ආරක්ෂක බළකායට අයත් නවික හමුදා සෙබළුන් පස් දෙනකු ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එහි සිටී නාවික සෙබළුන් පස් දෙනෙකුගේ දිවි බේරාගැනීමට අලුත්ගම ජල ක්‍රීඩා සහ ජීවිත ආරක්ෂක තරුණයන් පිරිසක් අද පස්වරුවේ සමත්ව ඇත. 29 May 2023
කුස ගිනි කාරයන් අඩු වෙලා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 3.9 තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවේ දැක්වේ 29 May 2023
විභාග මධ්‍යස්ථාන ගැන ජනපතිගෙන් අලුත් නියෝගයක් පාසලකින් අවම වශයෙන් සිසුන් 75 දෙනකු විභාගයට සුදුසුකම් ලබා තිබෙිනම් එම පාසල විභාග මධ්‍යස්ථානයක් බවට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. 29 May 2023
මහනුවර හෘද ඒකකය අවදානමක මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් අනෙක් යන්ත්‍රයද නඩත්තු මට්ටමේ පවතින බැවින් එම යන්ත්‍රය ද ඉදිරි කාලයේ බිඳවැටීමේ සම්භාවිතාවක් පවතින බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි . 29 May 2023
රත්නා පුෂ්ප කුමාරි නිහඬ වේ ප්‍රවීණ ගුවන්විදුලි සහ රූපවාහිනි නිවේදිකාවක වූ රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය . මිය යන විට 61 වැනි වියේ පසු වූ ඇය දෙදරු මවක වූවාය. 29 May 2023
ආගම්වලට අපහාස කිරීම ආණ්ඩුවේ වැඩක්ද? ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය. 29 May 2023
විදේශ ගමන් බලපත්‍ර අලුත් කිරීම අනිද්දා සිට අන්තර්ජාලයෙන් විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයදුම් කිරීම අනිද්දා (01) සිට අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 29 May 2023
ස්වාමියා බේරා ගන්න බල්ලා අලියාට තගක් දාලා වල් අලියකු පහරදී මියගිය තම ස්වාමියගේ සිරුර වෙනත් අයකුට රැගෙන යාමට ඉඩ නොදුන් බල්ලකු ගැන පුවතක් මහඅන්දරවැව තල්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. 29 May 2023
ළමා වින්දිතයන් රැකීමට මැතිසබයෙන් අලුත් වැඩක් ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කළාය. 29 May 2023
සද්ධා රතන හිමි රිමාන්ඩ් ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය. 29 May 2023
වරායේ ලාබාලම අධ්යක්ෂ වැඩ අරඹයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස ප්‍රභාත් ජේ. මලවිගේ මහතා අද (29) වැඩභාරගත්තේය. 29 May 2023
රුපියල තවත් ශක්තිමත් වෙයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාත සටහනේ දැක්විණ. 29 May 2023
අවුරුද්දට දුන් සහල් බෙදා නෑ:දැන් කන්න බෑ වවුනියාව, කූමාන්කුලම ග්‍රාම නිළධාරි කාර්යාලය තුළ තිබි බෙදාහැරීමට සූදානම් කොට තිබූ මිනිස් ආහාරයට නුසුදුසු හාල් කිලෝ 4860 සොයාගත් බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 29 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026