ෂාෆ්ටර් මරණයේ සාක්ෂි විමසයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරියා සහ බොරැල්ල කනත්තේ සේවකයෝ දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (13) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්හ. 3 years ago
සිරි ධම්ම හිමිට ත්‍රස්ත මර්දන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න නියෝග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමිට හෙට (14) ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13) නියෝග කළාය. 3 years ago
බදු ගැන දේශීය ආදායම් කොමසාරිස්ගෙන් හෙළිදරව්වක් පසුගිය වසරේදී එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි 86000 ක් බවත් මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ඩීආර් එච් හපුආරච්චි මහතා පැවසීය. 3 years ago
ණය අර්බුද විසඳා නොගතොත් ගෝලීය ආර්ථිකයටත් බලපෑමක් ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට මෙන්ම ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ සමාලෝචන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මාර්ක් ෆ්ලැනගන් මහතා බී.බී.සී පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. 3 years ago
පොදු රද මඩුලු මහලේකම් ජනපති හමු වෙයි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය. 3 years ago
පැය දෙකයි විනාඩි 20ක අඳුර තවත් දින 3ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (14) සිට මේ මස 16 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (13) පැවසීය. 3 years ago
දුම්රිය ගමන්වාර 30ක් සඳුදා සිට අවලංගුයි කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
රජ මැඳුරෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන ප්‍රකාශ ගන්න අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (12) නියෝග කළේය. 3 years ago
ලංකාවේ වරායන් මගහරින ‘සේතුසමුද්‍රම්’ යළි අරඹන්න තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදි. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත. 3 years ago
හමුදා භටයන් ලක්ෂයකින් අඩු කිරීමට යයි යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 3 years ago
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ. 3 years ago
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණය අරඹයි ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900 ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago