හෙලිකොප්ටර් බලඝනය 58 වසරට පා තබයි ගුවන් හමුදාවේ “හෙලිකොප්ටර් නිමුවන්ගේ මහගෙර” ලෙස හැදින්වෙන 4 වන හෙලිකොප්ටර් බලඝනය හෙට (1) සිය 58 වන සංවත්සරය සමරන බව ගුවන් හමුදාව පවසයි. 31 May 2023
නතාෂාට ප්‍රචාරයක් දුන් බෘෘනෝ අත්අඩංගුවට නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 31 May 2023
විශ්‍රාමික විදුහල්පතිගේ සිරුර කළුතර බුදු මැදුරෙන් හමුවේ කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී විශ්‍රාමික විදුහල්පතිවරයකු මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 31 May 2023
අලි වලියෙන් අලියෙක් මරුට වල් අලි තිදෙනකු පහරදී මියගිය බවට සැකකරන වල් අලියකුගෙ සිරුරක් වාලච්චේන පොලිස් වසමට අයත්, සාලම්බුචේන ගම්මානයේ බොරලු මාර්ගයක තිබී හමු වූ බව කිරාන් වනජීවී නිලධාරීන් සඳහන් කරයි, 31 May 2023
උද්දමනය පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් තිබේ. 31 May 2023
අයි.එම්.එෆ් ලොක්කෙක් ජනපති හමුවෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 31 May 2023
‘‘මේ බජාර් එකට මල්ලී‘‘ තහනම් නියෝගයක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කළ ”මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 31 May 2023
ජන අරගලයෙන් ආණ්ඩුවට විරෝධය ආණ්ඩුවට විරෝධය දක්වමින් ‘ජන අරගල ව්‍යාපාර’ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (31) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ. 31 May 2023
ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික පියවර තබයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එහි මුල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 31 May 2023
ජනපතිගෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (1) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි. 31 May 2023
මීගමුව ප්‍රා. ලේකම් නොඑන ගමනක් ගිහින් මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගෙ සිරුර ඔහුගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි. 31 May 2023
තරුණියක පැහැරගෙන ගොස් දූෂණය කරලා කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර දෙනකු පැහැරගෙන ගොස් පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තේ දී ඇය දූෂණය කර ඇති අතර අනෙක් තිදෙනා ඇයට ලිංගික අතවර කර පලා ගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි. 31 May 2023
සමෘද්ධි බැංකු විගණනයට යටත් කරන්න නියෝගයක් සමෘද්ධි බැංකු කාලයක් තිස්සේ විගණකාධිපතිවරයාගේ විගණනයට යටත්වී නොපවතින හෙයින් වහාම එම බැංකුද විගණනයට යටත් කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව ) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 31 May 2023
මාංචු පිටින් කුඩ්ඩා මුහුදට පැන පීනා යයි නිවාසවලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගත් බව කියමින් කතලුව දුම්රිය ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අත් විලංගු දමා යතුරු පැදියකින් අහංගම පොලිස්ථානය වෙත රැගෙන එමින් සිටියදී යතුරු පැදිය පෙරැළීමට සලස්වා පසුව මුහුදට පැන පිහිනා පලා ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 31 May 2023
හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි . 31 May 2023
ඩී.අයි.ජී. කාර්යාලයෙන් උණ්ඩ උස්සා යකඩවලට විකුණලා අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගබඩාවක තිබු පතුරම් හා යකඩ තොගයක් ව්‍යාපාරිකයකුට විකුණු බව කියන එම කාර්යාල කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 31 May 2023
වරෙන්තුකරු අල්ලන්න ගිය පී.සීට පිහිපහර විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා දැදිගම ගුරුදෙනිය ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු එල්ල කළ පිහි ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 31 May 2023
පොලියට ගත් මුදලට දියණිය හිලව් කරලා සිය බිරියද හවුල්කරගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොලිකරුවකුගෙන් ලබාගත් මුදල වෙනුවට තම පාසල් යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියයි. 31 May 2023
පාවෙන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියට කොරියානු රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක මුදලක් පිරිනැමීය. 31 May 2023
යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 31 May 2023
නිට්ටඹුව බස් වර්ජනයේ නිට්ටඹුව බස් රථ නැවතුම් පොළේ වේලා සටහන්කරුට පහර දීමේ සිද්ධියක් හේතු කොටගෙන නිට්ටඹුව ඩිපෝවෙන් ධාවනය වන ලංගම බස් රථ අද (31) පෙරවරු දහයේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. 31 May 2023
ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්නන්න සැරැසෙයි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 31 May 2023
දා හතරේ දැරියට අසභ්‍ය ඡායාරූප යැවූ ගුරා අල්ලයි තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට සිය ජංගම දුරකතනයෙන් ‘වට්ස් අප්’ හරහා අසභ්‍ය ජයාරූප යවන ලද බව කියන එම පාසලේම ගුරැවරයෙකු අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි. 31 May 2023
කෝටි 11ක සුදු අලියෙක් ගැන කෝපා කමිටුවෙන් අනාවරණයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට 1999 වර්ෂයේදී රුපියල් කෝටි 11ක වියදමින් මිලදී ගෙන ඇති ඡායාරූප සුද්ද කිරීමේ යන්ත්‍රයෙන් මෙතෙක් එකම ඡායාරූපයක් හෝ සුද්ද කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 31 May 2023
චීනය යළිත් ජනපතිට සහතිකයක් දෙයි ශ්‍රී ලංකාවේ අර්ථිකය ගොඩනැංවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ප්රයත්නයට චීනයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා ජනපති හමුවේ අවධාරණය කළේය. 31 May 2023
එළුවන්ට රක්ෂණයක් එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් . එම්. එම්. බී. වීරසේකර මහතා පැවසීය. 31 May 2023
ඕ.අයි.සී ගේ ජීප් රියේ අසභ්‍ය වැකි ලියු සී.අයි ට වැඩ වරදී ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. 31 May 2023
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා රේගු ගිවිසුමට අත්සන් තබති ශ්‍රී ලංකා රේගුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර රේගු කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පර්ත් නුවරදී අස්සන් තැබීය. 31 May 2023
තැනින් තැනට අද තද වැසි දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 May 2023
අගමැති තායිලන්තයට නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 31 May 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026