ඇහැලියගොඩ ඕ.අයි.සී අභිරහස් ලෙස මරුට ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවේය. 21 October 2023
හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස් ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ. 21 October 2023
නර්තන ශිලිපිනී රැජිනී සෙල්වනායගම් දිවියට සමු දෙයි දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. 20 October 2023
කැලණි සරසවි සිසුන් විරෝධතාවක කැලනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් මේ වන විට විශ්ව විද්‍යාල සරසවි මාවතේ කොළඹ නුවර මහා මාර්ගය අසල සිට උද්ඝෝෂණයක් පවත්වයි. 20 October 2023
නාත්තන්ඩියේ අතුරුදහන් සිසුන් දෙදෙනා හමුවෙයි දුම්කොළ සහ හුණු ලඟ තබාගෙන සිටියදී අසුවීමෙන් පසු විදුහල්පතිවරයා විසින් බැණවැදී අවවාද කිරීමෙන් පසු පෙරේදා සවස සිට අතුරුදහන්ව සිටි නාත්තන්ඩිය ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි සිසුන් දෙදෙනා කුරුණෑගල පුත්තලම් පාරේ නිවසක රැඳී සිටියදී අද (20) සවස සොයාගත් බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි 20 October 2023
පාර්ලිමේන්තු ගැටුම හොයන්න කමිටුවක් පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 20 October 2023
ගාසා බෝම්බවලට තල්ලු කළ යුතු අය මෙහෙ ඇවිත් ගාසා තීරයේ බෝම්බවලට තල්ලු කළ යුතු අය විචාරයක් නැතුව පාර්ලිමේන්තු සම්ප්රදාය විනාශ කරමින් සිටින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2023
නඩු බඩු කාමරෙන් තඹ රෝල් පැන්නූ අයෙක් රිමාන්ඩ් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ කිලෝග්‍රෑම් 08ක් බර තඹ කම්බි රෝල් තුනක් රැගෙන අධිකරණ පරිශ්‍රයේ ප්‍රධාන ගේට්ටුවෙන් පැනයාමට තැත්කළ දිවයිනේ ලියාපංදිංචි අපරාධකරුවෙකු ලබන 31 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) නියෝග කළේය. 20 October 2023
ගලි බවුසරයක් ඇවිත් ඇඟේ පෙරලුනා තමන් පාඩුවේ සිටින විට ගලි බවුසරයක් ඇවිත් ඇගේ පෙරලුණා යැයි අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 October 2023
යුනිසෙෆ් - ජා.ජ.බ අතර හමුවක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි. 20 October 2023
ලිට්රෝ ගෑස් මිල නැවතත් ඉහළට ? ලිට්රෝ ගෑස් එළඹෙන මිල සංශෝධනයේදී නැවත වරක් කිලග්රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 200 කට අධික මුදලකින් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 October 2023
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි පාර්ලිමේන්තුවේ දී සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණි. 20 October 2023
ඇමති ඩයනා මන්ත්‍රී රෝහණ ගුටි කෙළියක මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය. 20 October 2023
දේශපාලන අරමුණකින් තොරව ලංකාවට සහය දෙනවා ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව චීන මහජන සමූහාණ්ඩුව සහාය දෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 20 October 2023
සී.අයි.ඩීය ඖෂධ නියාමන අධිකාරියට යයි ව්‍යාජ අත්සන් සහ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව අපරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ පරික්ෂාවට ලක් කර ඇත. 20 October 2023
මැතිව්ස් - දුෂ්මන්ත හෙට තරගයට නෑ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ඉන්දියාවට පැමිණිය ද නෙදර්ලන්තයට එරෙහිව හෙට (21) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොමැති බවත් එම ක්‍රීඩකයන් දෙදෙනාම මේ දක්වා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවැසීය. 20 October 2023
බුදුකුටිවලට හානි කළ අයෙක් කන්තලෙන් අල්ලයි කන්ලේ ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම හතරක් තැන්පත් කර තිබු වීදුරු කුටි වලට තිරුවාණා ගල් සහ යකඩ මිටියකින් පහර දී අලාභානි සිදු කළේ යැයි කියන පුද්ගලයකු කන්තලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 20 October 2023
පසුගිය වසර කිහිපයේ පොලිස් භාරයේ සිටි 15ක් මරා දාලා ‘ පසුගිය අවුරුදු කීපය ඇතුලත පොලිස් භාරයේ හිටපු පහළොස් දෙනෙක් මරා දමා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද(20)පැවසීය. 20 October 2023
Techno 2023 කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය ඇරැඹෙයි ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ජෙනේරු සහ තාක්ෂණ සමාගම , ශ්‍රී ලංකා ඉන්ජෙනේරු ආයතනය විසින් සංවිධානයකරන Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ජාතියන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (20) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධනතත්වයෙන් ආරම්භ විය. 20 October 2023
මතීෂ පතිරණට ඉදිරි තරග අහිමි වෙයි? ඉන්දීයාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්ව සිටින බවත් ඔහුගේ ආබාධය පිළිබඳව ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇති බවත් ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (20) පෙරවරුවේ පැවසීය. 20 October 2023
ගාල්ලෙ නාය යාමක් ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද නාය යාමක් සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 20 October 2023
පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා අධිරාජ්‍යවාදීන් අද ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය මැදපෙරදිග දී වඩා දියුණු සහ උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය. 20 October 2023
ලංකාව චීනයේ පන්සලක් හදයි චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 October 2023
බසය ප්‍රපාතයට පෙරැලී කතක් මරුට: 42ක් රෝහලට බදුල්ල මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගුරුමඩ යොදා උල්පත හංදිය ප්‍රදේශයේදී ලංගම බසයක් අඩි 40ක් පමණ ප්‍රපාතයකට පෙරළී අද (20) දහවල් සිදු වූ අනතුරකින් වයෝවෘද්ද කතක් මියගොස් තවත් 42 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 20 October 2023
මෛත්‍රීගෙන් පාප් වහන්සේ ප්‍රශ්නයක් අසයි ලෝකය පුරා ඇති වෙන යුද තත්ත්වයන් නැති කරන්නේ කොහොමදැයි පාප් වහන්සේ 2017 වසරේ දී වතිකානුවට ගිය අවස්ථාවේ තමාගෙන් විමසූ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 October 2023
වි.බ.ම. හලාවත කාර්යාලයේ ලැප්ටොප්-දුරකතන සොරාගෙන විදුලි බල මණ්ඩලයේ හලාවත කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 35ක් සොරාගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලීසිය පවසයි. 20 October 2023
විදුලි බිලට එරෙහිව සජිත් සටනට වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2023
කතානායකගෙන් විජේදාස-අලූත්ගමගේ ගැන දැඩි ප්‍රකාශයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය 20 October 2023
අල්ලස් කොමිසමෙන් ගත් අල්ලසක් ගැන විජයදාස හෙළි කරයි දූෂණ විරෝධී පනත අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරිනියකට උසස්වීම් අල්ලසක්දී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026