පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000 ක්
පළාත් පාලන ආයතනවල සේවක පුරප්පාඩු 12,000 ක් පමණ පවතින බවත් එම ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් මේ වන විට සේවකයින් 10,000 ක් පමණ සේවය කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.