පිටකොටුව බස් නැවතුම්පොළේ වෙළඳසැල් පහකට නඩු
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි ඇති ආපනශාලා සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේදී මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවිය, පාරිභෝගිකයන් නොමග යන ආකාරයට ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස්කර විකිණීමට ප්‍රදර්ශනය කර තැබිම, කල්ඉකුත් වූ බිස්කට් වර්ග විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම යන චෝදනා යටතේ ව්‍යාපාර ස්ථාන 5කට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.