IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’සිලෝන් ටී’’ බබලවන්න පර්යේෂණ පත්‍රිකා 34ක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද එළිදැක්විණි.

2023 වසරේ තේ කර්මාන්තය ආශ්‍රිතව පැවති  ගැටළු ඉලක්ක කරමින් මෙම පර්යේෂණ 34 පත්‍රිකා සකස් කර ඇත.

තේ පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද National Symposium on Tea 2023 සම්මන්ත්‍රණයේ දී මෙම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්තය අමාත්‍යමහින්ද අමරවීර මහතා පැවසූයේ ලෝක තේ වෙළඳපොළේ දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාව බවත්  Ceylon Tea සන්නාමය නැවතත් ලෝක වෙළඳපොලේ  ජනප්‍රිය කරවීම සඳහා තේ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මක භාවය ඉහල නැංවීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

තේ පර්යේෂණ ආයතනයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ මෙම පර්යේෂණ පත්‍රිකා එළි දක්වා ඇතැයි ද එම පර්යේෂණ මඟින් මෙරට තේ වගාව උසස් තත්ත්වයකට පත්කිරීමට පියවර ගත යුතු බවද  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (2)

’’සිලෝන් ටී’’ බබලවන්න පර්යේෂණ පත්‍රිකා 34ක්

ජේ. එච්. සිල්වා Thursday, 07 December 2023 02:16 PM

ලංකාවේ තේ බබලවන්න මේවා කරලා හරි යන්නේ නෑ. මේවා හොන්ඳයි මෝඩයන්ට. ලන්කාවේ තේ වල නම රැකගන්න නම් කවලම් තේ ලෝක වෙලදපොලට යවන එක නතර කරන්න ඔනේ. ඒකට දැඩි නිතී ගෙන දඩුවම් ලබා දෙන්න ඕන. පිටරට ඉන්න අය දන්නවා සෙය්ලොන් ටී කියලා එන ජරාව. මේවා බොරුවට සල්ලී නාස්තිකරලා කරන කෝලම්.

:       2       22

ලංකාපුත්‍ර Thursday, 07 December 2023 03:58 PM

ඔව්, ඒ අදහස සහතික ඇත්ත... විදේශ රටවල සිටින දරුවන්ගේ දෙමාපියන්, නෑයින් නිතරම කියන දෙයක් තමයි ලංකාවේ තේ කියලා විදේශවල තියෙන්නේ ජරාව කියලා. ඒවා බොන්න බැරිලු... ඇත්තටම තේ කම්හල් වලින්ම ඇසුරුම් කරන තේ මිස ප්‍රතිඅපනයන හරහා ලංකා තේ නොයැවීම ඉතාමත් වැදගත් කියලා කියන්න පුළුවන්... මම හිතන්නේ බලයලත් තේ වෙළෙන්දෝ අගය වැඩිකර තේ අපනයනය කරනවා වෙන්න ඇති... ඒවා වහාම නැවැත්විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site