(ගයාන් සූරියආරච්චි සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විදේශ රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන හඳපාන්ගොඩ හදයා නැමැති පුද්ගලයාගේ ප්‍රධන ගෝලයා බව කියන සැකකරුවකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

 අතුරුගිරිය , කපුරුගොඩ පාර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු  හෙරොයින් ග්‍රෑම් 08 යි මිලි ග්‍රෑම් 390 ක් හා උල් පිහියක් සන්තකයේ තබාගෙන සිටි බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවකියන  මුදල් රුපියල් 10,000 ක් හා ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.