(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවම වැටුප නිවේදනය කරන බව ද සඳහන් කළේය.
අවම වැටුප් නිර්ණය කිරීමේ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී අදාල යෝජනාවට එකඟතාවය ගෙන ඇතැයි ද හාම්පුතුන්ගේ සංගමය මෙන්ම වෘත්තීය සමිති අදාල කාරණා සම්බන්ධයෙන් එකඟතාවයෙන් වැඩ කරන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මු චන්දෙ ට කරපු දේම තමා පඩි වැඩි කිරීමට කරෙත් ,චන්දෙත් නෑ ,පඩි වඩි කරෙත් නෑ ,කපටි නරිය.
අපි ගෙවන බදු වලට වුනේ මොනවාද කියලා කියන්නත් ඕනා. ඒවා consolidated fund වලට දාලා ඔහෙලට ඕන විදියට වියදම් කරන්න අපි පබයො කියලා ද හිතන් ඉන්නේ?
පුද්ගලික අංශයට ඔලුව උස්සන්න බැරි තරමට විකාර බදු ගහලා බංකොලොත් වෙන්න ඇරලා වගේ වගක් නැතුව ඔහේ ඉඳලා දැන් කියනවා පඩිවැඩි කරන්නලු. ඔව් ලබන ජනවාරි පළමුවෙනිදා ඉඳන් ගහනවනේ 18% වැට් බද්ද... එතකොට මිනිස්සුන්ගෙන් තවත් හූරාගෙන කන්න විදියක් තියෙන්නත් එපැයි.
පඩිය සොච්චමකින් වැඩිකරලා ඒක ඩබල් කරලා බදු ගහයි. අපි නොදන්න පිනා...
රුපියල තව ටිකක් බාල්දු කලොත් නම් පුළුවන් වෙයි පිනා මහත්තයෝ
එතකොට ගෙවන බදුත් වැඩි වෙලා අන්තිමට තිබුනට වඩා අඩු ගානක් සාක්කුවේ
තිබ්බ රස්සාවත් ගහලා ගියා... ගෙයි පඩි තමයි...