(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන්  ඉල්ලා අස්වී දැයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් තමා විපක්ෂ නායකවරයාට නැගූ චෝදනාව  ඔප්පු කළොත් ඉල්ලා  අස්වන බවට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව අලුත්ගමගේ  මහතා  කීය.

 අදාල මුදල් වියදම් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා නියමිත අනුමැතිය ගෙන නැතැයි සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ යැයිද ඒ අනුව තමා විපක්‍ෂනායකවරයාට කළ චෝදනාව ඔප්පු වූයේ යැයි ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

වෙනදා උදේ 9.30 වන විට පාර්ලිමේන්තුවට එන විපක්ෂ නායකවරයා අද නාවේ ඔහු ඉල්ලා අස්වුණාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාගෙන් දැනගන්නට කැමති බවද මහින්දානන්ද  අලුත්ගමගේ  මහතා කීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා:-

සංස්කෘතික අරමුදලේ මිලියන 1000ක අවභාවිතාවක් ගැන කතා කළා.එම වියදම් සඳහා ආවරණ අනුමැතියක් ලැබී ඇති බව මම පෙන්වා දුන්නා. එතුමා ඉල්ලා අස්වෙන්නේ මොකටද?