(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය.
එම ණය මුදල සමග මෙරට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැතැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවද සඳහන් කළේය.
අලිසබ්‍රි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලියට සල්ලි ගන්න එකත් සුභ ආරංචියක් වෙලා.මේවා තමයි රටකට කරන්න පුළුවන් කාලකන්නිම නිවේදන
මම ඉස්කෝලේ ගිහිල්ල නෑ . කොහොමද ගොයියෝ ණය අරන් බංකොලොත් කමෙන් බේරෙන්නේ. අනේ මගේ කට.
ණයට, පොලියට කීයක් හරි හිඟාකා ගත්තාම බංකොළොත් බව ඉවර වෙනවා කියලා... මොන ආර්ථික විද්‍යා පොතේද තියෙන්නේ...?
ගෝටාට ගොට්ට අල්ලලා ජාතික ලැයිස්තුවෙන් ඇමතිකමක් ගත්තා .දූෂිත පවුල් පාලනේ උන් .රටම හොරාකාලා බන්කොලොත් කරලා ජනතාව මහපාරට වැටෙන කම් බලාගෙන හිටියා .
සබ්‍රි පඬිතුමෝ ,එතකොට ඒ ගන්න ණය සේරම බොල් ණය වෙනවද ?