(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ග්‍රෑන්ඩ්පාස් වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දින 7 කට පසු හමු වූ බව දෙහිවල පොලිසිය කියයි
මෙලෙස මියගොස් තිබුණේ බොරලැස්කොමුව දිවුල් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානය ට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් 50106 හෙට්ටිආරච්චිලාගේ ජයලත් පෙරේරා නැමැති නිලධාරියාය
පොලිස් සැරයන්වරයා ගඟට වැටුණු බව කියන ස්ථානයේ තිබි කුඩා ජංගම දුරකථනයක් පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලද රිසිට්පතක් හා බස් ගමන් බලපත්‍රයක් ගෑන්ඩ්පාස් පොලිසිය එදින සිය භාරයට ගෙන තිබිණි
ගඟට වැටී අතුරුදන්ගි වූ ඉකුත් 29 වැනි දිනය සැරයන්වරයා නිවසින් පිටත්ව ගොස් තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd