
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගිවීම පාර්ලිමේන්තුවේ අද (7) සිදුවූ විශේෂ සිද්ධියක් විය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පැවසුවේ ලෝකයට මැදපෙරදිගට සාමය සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම සාටකය පැළඳ පැමිණි බවයි.
විපක්ෂනායකවරයා එහිදී මෙසේද පැවසීය.
දෙපැත්තේම සිවිල් ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ප්‍රහාර අපි ප්‍රතික්ෂේප කරනවා . මවුවරුන් දරුවන් සිවිල් පුරවැසියන් මිය යෑම ඝාතනය වීම සමූල ඝාතන සංහාර ප්‍රතික්ෂේප කරනවා. ලෝක සාමය ඇතිවුණොත් තමයි ලෝක ස්ථාවරත්වය ඇතිවෙන්නේ. ඒක තමයි යථාර්ථය. අපි ලෝක සාමය ආරක්ෂාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිනවා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට හොඳම ඇඳුම කාඩ් පැක් එකේ ජෝකර් කෙනෙකුගේ ඇඳුමකි.
අර ඡන්ද ...ලැබෙයි නේද ?
දවස ගානේ විහිලු සපයනවා .කවුද දන්නේ නැහැ මෙයාට මේවට උපදෙස් දෙන්නේ
ඔබතුමත් කරන වැඩ.. දැන් බය්යො උඩපැනගෙන නටයි.
මෙ අරපත්ගෙ සාටකය තමයි.
ඔය ඇඳුම නම් ගැලපෙන්නේ නැහැ .ගවුමක් හරි සාරියක් හරි ඇඳගෙන