පස් කන්දක් බොරලන්ද හපුතලේ මාර්ගය අවහිර කරයි පස්කන්දක් කඩාවැටී අද ( 6 ) වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 06 November 2023
’’ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ මටත් හොරෙන් ’’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරීම පිළිබඳව රජය හෝ තමන් කිසිවක් නොදන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ප්‍රකාශ කළේය. 06 November 2023
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ජනපති කාර්යාලයට කැඳවයි ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා අද (06) ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ. 06 November 2023
බන්ඩි පෝර සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක් බණ්ඩි පොහොර (MOP) මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 06 November 2023
හැම්බර්ග් නුවර ප්‍රාණඇපකරු සිද්ධිය අවසන් ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ. 06 November 2023
ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි. 06 November 2023
ගාසා තීරයේ බලය අතට ගන්න පලස්තීන පාලන අධිකාරිය සූදානම් ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි, සාධාරණ, පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමට සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසා තිබේ. 06 November 2023
නවදිල්ලියේ පාසල් දිගටම වැසෙයි වායු දූෂණය තව තවත් උග්රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. 06 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් තුර්කියේ බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තුර්කියේ අන්කාරා නුවර බලා පැමිණියේය. 06 November 2023
කතුන් දෙදෙනා වෙරි මරගාතේ කොස්තාපල්ට පහරදීලා කොළඹ ,ග්‍රෙගරි පාර ආසන්නයේ කාර් රථයක් නතර කරගෙන ඊයේ ( 5)මධ්‍යම රාත්‍රී 12 .00 පමණඑම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින්පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම නිසා ඔහු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි. 06 November 2023
දැන් හොඳටම ඇති: තවත් ප්‍රහාර ඕනෑ නෑ එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසය. 06 November 2023
කසිප්පු අල්ලන්න ගිය පොලීසියේ දෙකකට පහරදීලා බුලත්සිංහල පොලිසියේ නිළධාරීන් දෙදෙනකුට පහරදී රාජකාරියට බාධාකිරිම සම්බන්දයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු ඊ පහළ වෙල්ගම දී අත්අඩංගුවට ගත්බව බුලත්සිංහල පොලිසිය පවසයි, 06 November 2023
ජනක රත්නායකගෙන් කප්පම් ගත් තවත් දෙකක් දැලේ මහජන උපයෝගිතා කොමිෂන් කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇත. 06 November 2023
ලාෆ් ගෑස් මිල වැඩි නොවේ ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහල දැමිය යුතු වුවද ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමා මෙම මාසයේ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 06 November 2023
ක්‍රිකට්වලට අතුරු කමිටුවක් ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කර තිබේ. 06 November 2023
රටපුරා අදත් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 November 2023
බණ්ඩාරවෙල පාසල් 144කට විශේෂ දැනුම් දිමක් විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් (06) දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු භවතුන් හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට අපහසු වන්නේ නම් එවැනි නිලධාරීන් හෙට දිනයේ යාහැකි ආසන්න පාසලක් වෙත සේවයට වාර්තා කරන ලෙස කලාපයේ පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන්වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය. 05 November 2023
මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තැබෙයි බම්බලපිටිය දුම්රියපොල ආසන්නයේ ඇති අබලන් වූ මගී ගුවන්පාලම ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මැරීන් ඩ්‍රයිව් මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා තබන බව පොලීසිය පවසයි. 05 November 2023
තරග ජය ලබන විට මෙවැනි ප්‍රශ්න තිබුනෙ නෑ - කුසල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකාවේ දැන් ඔය කියන ප්‍රශ්න නොතිබුණු බවත් තරගයක් පරාජය වූ පමණින් පුහුණුකරුවන් ඉවත් කළ යුතු යැයි නොසිතන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අද (5) පස්වරුවේ පැවසීය. 05 November 2023
ජනපති තරුෂි හමු වෙයි ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) සිදු විය. 05 November 2023
රුසියානුවන්ගේ කාමරයට සුද්දයක් දී ගවුමක් ඇදගෙන පැනලා රුසියන් ජාතික යුවළක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි . 05 November 2023
කොළඹ - බදුල්ල මාර්ගය හය වැනි වරටත් අවහිර වේ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද සවස පස්කන්දක්, ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති පොලිසිය කියයි. 05 November 2023
ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත අඩුවෙලා ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය ජූනි මසට සාපේක්ෂව ඔක්තෝබර් මසදී හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇතැයි රට හිතන හැටි දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම ප්‍රතිඵලවලින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 05 November 2023
සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක් ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 05 November 2023
යුක්රේන-ඊශ්‍රායල නායකයින් අතර හමුවක් ? යුක්රේනයේ සහ ඊශ්‍රායලයේ නායකයන් අතර හමුවක් පැවැත්වීමට දෙරටේ බලධාරීන් උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් හාරෙට්ස් ඊශ්‍රායල පුවත්පත වාර්තා කර ඇත. 05 November 2023
ආයතන 5ක ලොක්කෝ මේ සතියේ මැතිසබයට දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ආයතන පහක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට මේ සතියේ කැදවෙති. 05 November 2023
ටී10 ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසියත් කල්දමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. 05 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනපති හමුවෙයි පෙර දැනුම්දීමකින් තොරව, කවුරුත් පුදුමයට පත් කරමින්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීනයට අයත් බටහිර ඉවුරට ගොස්, පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමුවිය. 05 November 2023
ඊශ්‍රායල අගමැතිගේ නිවස වට කරලා විරෝධයක් ගාසා තීරයට දිගින් දිගටම පහර දීමෙන්, පලස්තීන සිවිල් වැසියන් පමණක් නොව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගේ ද ජීවිත අනතුරට පත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට විරෝධයක් එල්ල වෙමින් පවතී. 05 November 2023
මිතුරාට ඇප දෙන්න බීමතින් ඇවිත් පොලිස් නිලධාරියෙක්ට ගහලා මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ . 05 November 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026