(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් හුදකලා වු නාඋල මොරගොල්ල හා ඕපල්ගල ගම්මාන දෙකේ පදිංචිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් කරන්නැයි ගම්වාසිහු ඉල්ලීමක් කරති.

දිනෙන් දින වැඩිවන වන අලි ගැටළුව හේතුවෙන් සිය ජනජිවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ඔවුහු කියා සිටිති.

පසුගිය සමයේ දී වන අලි පහරදීම් හේතුවෙන් මිනිස් ජිවිත කිහිපයක්ම අහිමි වී ගියේය.

මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග හුදකලා වු ඕපල්ගල හා මොරගොල්ල ප්‍රදේශවාසින්ගේ ජන ජිවිතයට මෙන්ම වගාවන්වලට ද මේ වන විට වන අලිනගේ මෙන්ම මොණරුන්ගේ, රිළවුන්ගේ සහ දඩුලේණුන්ගේ හානි වැඩි වෙමින් පවතින බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

මොරගහකන්ද ජලාශයේ ජලය රැස්වීමත් සමග යාබදව පිහිටි සිය ගම්මානවලට වන සතුන්ගේ පැමිණිම සිදුවන බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ කඩිනම් අවධානය යොමු වී වෙනත් සුදුසු ස්ථාන සිය ගම්වාසින්ට ලබාදෙන්නැයි ඕපල්ගල හා මොරගොල්ල ගම්වාසිහු ඉල්ලා සිටිති.