(යොහාන් භාසුර)
උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ අනුව අද සිට 26 වැනිදා දක්වා දින තුනක් ‘යුක්තිය’ මෙහෙයුම අත්හිටුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ හේතුවක් නිසා වැඩේ නැවැත්තුවා කියලා හිතුවත් ඒක මෙහෙම ප්‍රසිද්ධියේ කියන මොඩයෝ කවුද? ඒකෙන්ම පේනවා මොවුන්ගේ නාඩගමේ තරම. නත්තලට, අලුත් අවුරුද්දට අවශ්‍ය ප්‍රමණය ඩිලිවරි කරගන්න බඩු ටික හංග ගන්න හැංගෙන්න ඕනෑ අයට හැංගෙන්න කාලය දුන්නා. කුඩ්ඩන්ට නත්තල් තෑගි...
පාතාල නායකයින්ට සැඟවෙන්න කාලෙ ඕනෑ ඇති.. කුඩු අල්ලනවා නම් මාධ්‍ය සංදර්ශන දාගෙන අල්ලන්න ඕනෑද? එතකොට බිස්නස් කාරයින් හැංගෙනවා නේ...
පටන්ගන්න එකයි, නවත්තන එකයි කියකිය කරන්නේ ඇයි...? එය ජනතාවට අදාළ නැහැ... කුඩු කාරයින්ට පාතාලයින්ට වාසි සහගතයි.
බෙහෙත් නැති අසනීපයක් තියෙනවා කියලා පේනවා... නැත්නම් වැඩේ කරන්න, නොකරන්න අණබෙර ගහන්නේ මොකටද?
මේක සංදර්ශනයක් කියලා දැන් තේරෙනවා නේ? ඕනම රටක පොලිසියක් තියෙන්නේ කුඩු මර්ධනය කරන්න තමයි. අපේ අය කුඩු කාරයෝ එක්ක ඉඳලා, කුඩු පාසල් වල ළමයින්ට දීලා, දැන් එක එක නම් දාගෙන නාට්ටි පෙන්නනවා. කුඩු අල්ලන වැඩේ පටන් ගන්නයි, නැවතත් එන්නයි, ඕක දන්සැලක් නෙවෙයිනේ...!
කෝ... ලන්සාව ඇල්ලුවද?