(යොහාන් භාසුර)

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම්දී පසුගිය දින කිහිපයේ කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී මාර්ගවලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බස් රථ සහ කාර් රථ ඇතුළු වාහන රැසක් අමාත්‍ය ටිරාන් අලස් මහතා පරීක්ෂා කළේය.

මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුරදී අමාත්‍යවරයා මෙම වාහන නිරීක්ෂණය කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.