
(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන ෆාමසියක සහායකයෙකු ලෙසින් සේවය කරන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව , මාවල ප්‍රදේශයේ පදිංචි 33 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ ෆාමසියක සහායකයෙකු ලෙසින් සේවය කරන සැකකරු මත්කරල් අලෙවි කරන බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා වස්කඩුව ප්‍රදේශයට ගෙන්වා මත්කරල් 2500 ක් අඩංගු කාඩ් 250 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd