ඉවත් කළ ඖෂධ තොගයක් හොද ඖෂධ සමඟ තියලා
භාවිතයෙන් ඉවත්කළ ඖෂධ ඒකක 294,813 කට අධික ප්‍රමාණයක් තොග විනාශ කරන තෙක් වසර 04 කට අධික කාලයක් තිස්සේ උතුරු මැද පළාත්සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ සහ පොළොන්නරැව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගබඩාවල භාවිතයට ගතහැකි සාමන්‍ය ඖෂධ තොග සමග අනාරක්ෂිතව ගබඩා තිබු බව විගණකාධිපතිවරයා විසින් 2021 වසරේ සිය අවසන් විගණන වාර්තාවෙන් ආනාවරණය කොට තිබුණි.