(ජේ.කේ.එල්. චාමින්ද)

හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථය සදහා  ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලායමින් සිටි රුසියානු ජාතිකයෙකු හබරාදුව ගුවන්තොටුපොළ අසලදි අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  39 හැවිරිදිවියේ පසුවන රුසියානු ජාතිකයෙකි.

මෙකි රුසියානු ජාතිකයා මිට දින පහකට පමණ ඉහතදිත් මෙකි ඉන්ධන පිරවුම්හ වෙත පැමිණ තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලාගොස්  ඇති බව පොලිසිය පවසයි.

 මේ වතාවේ දිත් මොටර් රථය  සදහා ඉන්ධන ලබාගෙන  මුදල් නොදි පලයමින් සිටියදි පොලිසියට ලද තොරතුරකට අනුව හබරාදුව පොලිසියේ නිලධාරින් මොහු පසුපස හඹාගෙන  ගොස් සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.