(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන ලියුම් බෙදන්නකු අයිස් මත්ද්‍රව්‍ය සමග අතුරුගිරිය පුංචි අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිල ග්‍රෑම් 100 ක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමීව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා වෙනත් වැටලීමක යෙදී සිටියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
සැකකරු මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ යළි නිවස කරා යමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්තේ ලියුම් බෙදන අතරවාරයේදී බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයා සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කරගෙන එම ජාලයේ ප්‍රධාන මොළකරු අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.
37 වියේ පසුවන සැකකරු හෝමාගම මහින්ද මාවත පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවයෙන් පහකිරීමට හේතුවක් වෙනවා... එයට අමතරව අධිකරණය මගින් දඬුවමක් දෙන්න පුළුවන්... සමහර විට අධිකරණයෙන් නිදහස් වුණත් ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව සේවයෙන් පහකිරීමට හේතුවක් වෙනවා...