(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව යන ගමන නවතින්නේ ගෙදර තිබෙන පිඟන් කෝප්ප මෙන්ම හට්ටි මුට්ටි උකස් කරන තත්ත්වයකට පැමිණ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.
අහිංසක පොඩි මිනිහාගේ හැම දෙයක්ම උදුරාගෙන කන පාලකයන් රටේ ආර්ථිකය ගොඩ දැමීම සඳහා කිසිම කැපකිරීමක් කර නැතැයි ද සඳහන් කළේය.
උකස් පෝලිම් වල සිටින ජනතාවගේ අත්වල ඇති දේවල් බලන ලෙස පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි කී මුජුබුර් රහුමාන් මහතා දරුවන්ගේ කරාබු, මාල, පංචායුද පවා ඔවුන්ගේ අත්වල ගුලි වී තිබෙන බව කීය.
සමගි ජන බලවේගයේ මැද කොළඹ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුජුබුර් රහුමාන් මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ හෝටලේ ඒවා වෙන්න පුළුවන්... මොකද නගරාධිපති වෙන්න මන්ත්‍රී තනතුරත් නැහැනේ...!