(සුජිත් හේවාජුලිගේ )
මත්ද්‍රව්‍ය ජලයේ සිටින තෝරු මෝරු අල්ලා ගැනීමේ මෙහෙයුමද ළඟදීම අරඹන බව වැඩ බලන පොලිස්පති දේශපන්දු දෙන්නකෝන් මහතා පැවසීය.
මැද ඉන්න මාළු ටික අල්ලගත් පසු තෝරු මෝරු කවුදැයි වෙන්කර හඳුනා ගත හැකි බව පැවසූ වැඩ බලන පොලිස්පතිවරයා තෝරු මෝරුන්ට අත තියෙන දවස වැඩි ඈතක නැතැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදාක නොකෙරෙන වැඩක්... ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේත් ඉන්නවා...
රටින් පැන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පැන ගන්න කාලය දෙන්නත් එපැයි නේද? ඒ හින්දා අනිවාර්යෙන් වේලපහින් දැනුම් දීලා කරන දෙයක් කරන්න... ශෝක් පොලිස්...!
මෙයා හරියට පොලිසියට අද ඊයේ ආවා වගේනේ කතාව... මෙච්චර කාලයක් පොල් ගෑවාද?
මොකුත් නොකියාම කළා නම් තමයි හොඳ... මේ ක්‍රියාව නිසා කුඩු කාරයින්, පාතාලයින්, ඔවුන් හා සම්බන්ධ දේශපාලකයින් ඔවුන්ගෙන් හම්බ කරගෙන කන නීතිවේදීන් ඇතුලු එකී, මෙකී බොහෝ දෙනා උරණව සහ අන්ද මන්දව ඉන්නේ...
ඔයා අලුත ඉපදුණු කෙනෙක් වෙන්න ඇති. මේ වගේ බොළඳ කතා කියන්නේ ඒකයි. ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ. මේක මතක තියාගන්න. ඔබගේ ආයතනයේ ලොකු එකාගේ ඉඳන්. පොඩි තැනට යනකම්.. ආරක්ෂාව දීලා සැලුට් ගහන්නේ ලොකුම මීනී කන මෝරුන්ට කියලා අමතක කරන්න එපා. ලැජ්ජයි. ඔය අල්ලන්න යන්නේ කූනිස්සෝ, තෝරු, මෝරු.... සැපට ඉන්නවා ඔබලා නිසා. බොරු නොකර පාඩුවේ ඉන්න... මාධ්‍යවේදීන් හොරු ගැන කියලා දෙනවා. විස්තර හොයාගෙන ඇවිත් ඒවා ඇහෙන්නේ නැහැ. දැක්කේ නැහැ වගේ ඉන්නේ...! මේ කතා බාලාන්සේ පොඩි අයට කියන්න. ඒ ළමයි ආසාවෙන් අහන් ඉන්නේ මේ වගේ සුරන්ගනා කතා... කටකාර පොඩි එකෙක් හිටියොත් කියයි මාමේ ඔයත් මෝරෙක් කියලා...!
අඩෝ.....දේශබන්ධු, අපිට අත තිබ්බොත් උඹේ ඒ අත අපි කපලා දානවා මතක තියාගනින්. අපි දියවන්නාවේ හිටපු නිසා තමයි තමුසෙව තාවකාලික පොලිෂ් ලොක්කා කලේ. අපි පත්කළ එකා අපිව හපාකන්න එනවානම් උගේ දත් ගලවන්න අපි පසු බට වෙන්නේ නැහැ.දැන් තමුසේ ලකුණු දාගන්න පැන පැන පොඩි කුඩ්ඩන්ව අල්ලනවා අපිට පෙනෙනවා. ඔහොම පැන පැන තව මාස 2 ක් ඉන්නවාකෝ. අන්තිමට ස්ථිර පොලිස්පතිව පත්කරනවා,තමුසෙට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. තමුසේ කුඩ්ඩන් අතින්ම සල්ලන් වෙනවා. මේවා තමයි සුත්තර පුන්චාගේ සුත්තර.