
(ගයාන් සූරියආරච්චි)
උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියැදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
බීමතින් රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ගවල මෙන්ම ප්‍රධාන අතුරු මාර්ගවලද පොලිසිය යොදවන බව තල්දූව මහතා පැවැසීය.
වර්ෂය අවසන්වන කාලසීමාවේදී විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවත් එම රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගයෙන් යනවා වගේම සමහර ටුක්ටුක්කෝ දකුණට සිග්නල් දමාගෙන පාරවල් මැදින් කෙලින්ම යනවා. ඔවුන්ට නියමිත වේගය 40යි. ඉතින් පස්සෙන් එන වෑන්රථ, කාර් ආදිය ටුක්ටුක්කෝ පස්සේ ගාටන්න වෙනවා. ඒවාට මොකුත් කරන්න බැරිද? බොහෝවිට වෙන්නේ ටුක්ටුක්කෝ පස්සෙන් ගොස් ඉඩක් ලැබිලා ඉස්සර කළොත් ඉස්සර කළ කෙනා අල්ලාගෙන දඩකොළ ලියනවා... අනෙක තමයි රාත්‍රියේ බොහෝමයක් රියදුරෝ වාහනයක් ඉදිරියට එනවිට හා වාහනයක් පස්සෙන් යද්දී ප්‍රධාන ලාම්පු අවපාත නොකිරීම... ඒක වාහන අනතුරුවලට හේතුවක් වෙනවා.. ඒවා බලන්න ක්‍රමයක් වාහන නීති පද්ධතියේ නැද්ද?
ඔව් අනේ... බීලාහෙමින් පාරේ හරි පැත්තේ ගියාට නම් කමක් නැහැ.
වැඩ වරදින්නේ බීලා වේගයෙන් ගියොත්... ඒ නිසා ටැප් එකට ගහලා හෙමින් යන්න. වාහනේ හෙමින් යන්න බැරි නම් පයින් යන්න...!