(යොහාන් භාසුර)
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව අරුථයක් ගෙන දුන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.
චිත්‍රපට 150 කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායකවී ඇති ඒ මහතා ‘කතුරු මුවාත්’ චිත්‍රපටයේ රංඟනයෙන් සිනමාවට පැමිණියේය.
‘ලොකුම හිනාව’ චිත්‍රපටයේ ත්‍රාසජනක යතුරුපැදි ධාවනයක යෙදෙමින් ප්‍රේක්‍ෂක අවදානය දිනාගත් ඒ මහතා ‘මරුවා සමග වාසේ’ ‘සීමන් අප්පු’ සහ ‘සිහසුන’ ඇතුළු සිංහල සිනමාවේ වඩාත් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් ද ඇතුළුව චිත්‍රපට 150 කට ආසන්න රංගනයෙන් දායක විය. චිත්‍රපට සටන් අධ්‍යක්‍ෂවරයෙක් ද වන රෙක්ස් කොඩිප්පිලි මහතා ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක විය. රෙක්ස් මහතා සරසවි සම්මාන රැසකින් ඇතුළු සම්මාන රැසක් හිමිකරගනෙ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා!
ඕනම චරිතයකට සටනක් දෙමින් රඟපෑ විශිෂ්ඨ රංගවේදියෙක්... ඔබට නිවන් සුව ලැබේවා...!
සිංහල සිනමාවේ යෝධයෙකුගේ නික්ම යාම හරිම දුකයි.. ඔබට මොක්සුව පතමි.
සිංහල සිනමාවට රෙක්ස් කරපු සේවය විශිෂ්ටයි. ඔහු දක්ෂ නළුවෙකි. මෙවැනි නළුවන් නැවත හමු නොවෙනු ඇත. සුබගමන් රෙක්ස්...!
නියම ඇක්ටර්... අපේ කාලේ හීරෝලා...