(සමන් පාලිත නානායක්කාර)

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (23) සවස හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී පිළිපැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ කියයි.

මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රියයන් ප්‍රමාද වී ධාවනය විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

පීලි පැනීමට ලක්වූ දුම්රිය කඩිනමින් පීලිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එළඹී දීර්ඝ නිවාඩුවත් සමඟ දුම්රියෙන් ගමන් ගන්නා මගීහු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කියයි.