(කේ. බුද්ධික කුමාරසිරි)

දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග ගම්බිම් බලා යන මගී ජනතාවගෙන් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පිරී ඇති ආකාරය අද (23) දින දක්නට ලැබුණි.

මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා ඊයේ (22) දින සවස සිට විශාල මගී ජනතාවක් පැමිණෙන බවත් එම මගීන් සියලු දෙනාටම අවශ්‍ය බස් රථ සේවාවන් ලබා දීමට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය අන්තර් පලාත් පෞද්ගලික බස් රථ සංගමය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අවශ්‍ය තරම් බස්රථ ලබා දී ඇතැයි මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාන භාර කළමණාකාර ආචාර්ය කල්‍යාණි ඩයස් මහත්මිය පැවසුවාය.

එමෙන්ම එළඹෙන නත්තල වෙනුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිනෙන කුඩා දරැවන් සදහා ත්‍යාග ලබා දීමට නත්තල් සීයා ද පැමිණ පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි.