
(ෂේන් සෙනෙවිරත්න)
හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවට මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි .
එසේ මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි .
කොවිඩ් වසංගතය හමාරවීමෙන් දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වීම විශේෂ සිදුවීමකි .
මේ වන විට රට තුළ ඔමික්‍රෝන් ජේ.ඒ 1වයිරසය පැතිර යමින් තිබෙන බවට වෛද්‍ය ජීවන්දර මහතා තහවුරු කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝවිඩ් වසංගතය හමාරවී නැත.. සීමිත COVID-19 පරීක්‍ෂාව මගින් සත්‍ය තත්ත්වය පිළිබඳ ව්‍යාජ හැඟීමක් ලබා දෙමින් අඩුවෙන් වාර්තා වූ සිද්ධින් ඇති විය හැක. වෛරසය පැතිරීම පාලනය කිරීම සහ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා කාලෝචිත සහ ඉලක්කගත මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා නිවැරැදි දත්ත ඉතා වැදගත් වේ. වසංගතයේ බලපෑම පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් සඳහා පුළුල්ව පැතිරුණු පරීක්ෂණවලට ප්‍රමුඛත්වය දීම රටවල්වලට වැදගත් වේ. වෛරසයේ බලපෑම කළමනාකරණය කිරීම සඳහා COVID-19 ප්‍රතිවෛරස සමඟ ඵලදායී ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. කලාපයක සක්‍රීය ප්‍රතිකාර හිඟයක් තිබේ නම්, මෙය පිටුපස ඇති හේතු සොයා බැලීම සහ රෝගී සත්කාර වැඩි දියුණු කිරීමට සහ නඩු වල බරපතලකම අඩු කිරීමට ප්‍රවේශ විය හැකි ප්‍රතිවෛරස් ප්‍රතිකාර සඳහා පෙනී සිටීම වටී.
මේ පවුකාර පිනා නම් ඇහැක් ඇරලා බලන එකක් නැහැ...!
නැවත කොරෝනා බිය ඇති කරලා ජනතාව රජයට විරුද්ධව නැගිටීම වළක්වන්නයි මේ හදන්නේ...!
ඒ කියන්නේ ජනාධිපතිවරණය තියන්න බෑ... අපි බලමුකෝ එදාට...!
බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ සමිත ගිණිගේ කියනවා මහ ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ කියලා... එහෙම නම් ඔය මැරුණේ නිකම්මද කියලා ප්‍රශ්නයක් අහන්න වෙනවා. මින් ඉදිරියට යම් කෙනෙකුගේ පවුලක කෙනෙක් කොරෝනා නිසා මියගියහොත් අනිවාර්යයෙන්ම සමිත ගිණිගේට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවැරීමක් කර වන්දි ලබාගත යුතුයි. ඒ මහ ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා කොරෝනා සමාජය තුළ පැතිරීම පිළිබඳව නිසි දත්ත මගින් දැනුවත් නොකිරිම සම්බන්ධව ඔහු ඔහුගේ රාජකාරිය ඉටුනොකිරිම නිසා මහ ජනතාව අගතියට පත්කිරිම සම්බන්ධයෙන්...!