
(විමුක්ති එස් රුද්‍රිගු)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය ව්‍යාපෘතියට අරමුදල් එක්රැස් කිරීම ඉලක්ක කරගනිමින් පැවැති ජාත්‍යන්තර වෙළෙඳ සහ සංස්කෘතික ප්‍රදර්ශනය පසුගියදා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ප්‍රකාශ කළේය.
දෙස් විදෙස් වෙළෙඳ කුටිවලින් මෙන්ම සංස්කෘතිකාංග රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වූ අතර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ කොළඹ පදනම් වූ ජාත්‍යන්තර සංවිධාන ප්‍රදර්ශනයට සහභාගීවෙමින් මෙම මානුෂීය ක්‍රියාදාමයට සහයෝගය ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පෙන්වා දුන්නේය.
එහිදී රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍ය ව්‍යාපෘතියට රුපියල් මිලියන 1.5 ක පමණ මුදලක් අරමුදල් වශයෙන් එක්රැස් කර ගැනීමට සමත් වූ බවත් සර්ෆැක්ටන්ට් නම් ජීවිතාරක්ෂක ඖෂධය රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සාමාජිකයන් එකතු වී ඔවුන්ගේ ධන පරිත්‍යාගයන් තවත් රුපියල් 875000 ක මුදලක් එකතු කර ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.
ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සභාපති කපිල ෆොන්සේකා සහ එම සංගමයේ ලේකම් පෝෂිත පෙරේරා මහත්වරුන් ඉදිරියේදී විදේශ ලේකම් අරුණි විජේවර්ධන විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ආචාර්ය ජී. විජේසූරිය මහතා වෙත විදේශ කටයුතු අමාත්‍යංශයේදී එම මුදල භාර දුන් බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ... රුපියල් මිලියන 1.5...