(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත් එය පසුව වෙනස් කරගෙන ඇති බව දැනගන්නට ඇත.
පසුගිය 13 වැනිදා පැවැති අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේඅනුව පාර්ලිමේන්තුව එදින සිට 13 වැනිදා දක්වා දින හතරක් රැස් වෙනු ඇත.
පාර්ලිමේන්තුව ලබන මස මුල් සති දෙක රැස්වීමෙන් අනතුරුව මාසය අවසානයේදී වාර අවසාන කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන කෝප් ,කෝපා ඇතුළු කමිටු හැටකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් අහෝසිවී යනු ඇත.
ඒ අනුව එම කමිටු නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් පසු නැවතත් පත් කිරීමට සිදුවනු ඇත.
පාර්ලිමේන්තුව වාර අවසාන කළද ස්ථාවර නියෝග අනුව අහෝසි නොවන්නේ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සහ විශේෂ කාරක සභා පමණි.
මේ අතර අලුතින් කමිටු පිහිටුවීමේදී කමිටු පහක සභාපති පුටු වෙනස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඕක වහලාම දාන්න කෝ...! අපිට වැඩක් නැහැ ඕක තිබුණා කියලා... මොකද ඕක තියෙනවා කියන්නේ පොඩි අපිට තවත් බර පටවනවා... මේකෙ ඉන්න හැත්ත එකතුවෙලා...!