
(කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රද්ශයේදී මගී බස් රථයක් අද (24) උදෑසන වන අලියෙකුගේ ගැටීමෙන් සිදුව ඇති අනතුරකින් එහි ගමන් ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
කැකිරාව සිට තලාව මාර්ගය ඔස්සේ අනුරාධපුර බලා ධාවනය තිබූ පුද්ගලික බස් රථයක් මෙලෙස වන අලියකුගේ ගැටීමෙන් අනතුරට පත්ව තිබේ.
අනතුරට පත්වන අවස්ථාවේ එම බස් රථයේ මගීන් 25ක් පමණ ගමන් කර ඇති බවට පැවැසේ. අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ එම බස්රථය මහඉලුප්පල්ලම ප්‍රෙද්ශයේදී මාර්ගය හරහා එක්වරම පාර මාරුවීමට ගිය වන අලියකුගේ ගැටී ඇති අතර වන අලියාගේ ගැටුනු බස්රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
තුවාල ලැබූ එම පිරිස අතර බස්රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාද වන බවත් පොලිසිය කියයි. මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන එම තුවාල කරුවන් අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියට මොකද වුනේ කියලා දාලා නෑනේ. එයාටත් ජීවිතයක් තියෙන්නේ...!