උපන් හැටියේ මරා වළ දැමූ බවට සැකකරන කුඩා බිළිඳකුගේ සිරුරුතඹුත්කේගම තේක්කවත්ත ප්‍රදේශයේ දි අද ගොඩගත් බව පොලිසිය කියයි. 

දරුවා බිහි කළ බවට සැකකරන දෙදරු මවකද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැමියාගෙන් වෙන් වී හුදකලාව සිටි මෙම මව ගාලදිවුල්වාව ප්‍රදේශයේ දෙදදරු පියකු සමග ඇති කර ගත් අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවා බිහි කර ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

තඹුත්තේගම මහේස්ත්‍රාත් සංජීවනි රත්නායක මහත්මිය ස්ථානය පරීක්ෂණයක් සිදු කළාය.

අනතුරුව දේහය තඹුත්ගෙම රෝහලේ අධිකරණ වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතා හමුවට යොමු කර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.