
(නිමල් ජයරත්න )
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් අද ( 24 ) උදෑසන ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
කුරුණෑගල සිටි සමන්තුරේ දක්වාම සෝපා රැගත් ලොරියක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර ලොරි සහයකයාගේ කකුලක් තුවාල වී ඇති තිබේ.
ඔවුන් ලොරියේ සිරවී සිටියදී ඒ දුටු කීපදෙනෙකුට ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත.
කොටලීය ඔයේ ජලය පිරී තිබුණානම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වනු ඇති බව ජීවිත බේරාගත් ප්‍රදේශවාසීන් කියයි.
මනම්පිටිය කොටලීය පාලම දෙපසින්ම රියදුරන්ගේ වේගය පාලනය කිරීමට මාර්ගය හරහා යොදා තිබෙන තාර ගැබ නොපෙනෙන නිසා මෙම අනතුර සිදුවීමට බොහෝ සෙයින් බලපෑ බව රියැදුරු අප සමග සඳහන් කළේය.
මනම්පිටිය කොටලීය පාලමෙන් බසයක් පෙරළී ඉකුත් ජුලි මාසයේ 09 වෙනිදා මිනිස් ජීවිත එකොළහක් අහිමි වු අතර මෙම පාලම පුලුල් කරදෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ක ර තිබේ.
මනම්පිටිය කොටලීය පාලමේ යටින් ඇති යකඩ තහඩු, ප්ලේට්, මලකඩ අල්ලා දිරාපත් වී පාලම අබලන් තත්වයේ පසුවන නිසා කුමන හෝ අවස්ථාවක විශාල විනාශයක් සිදුවීමට පෙර මෙම පාලම නවීකරණ කටයුතු කරදෙන ලෙස හෝ පාලම පුළුල් කරදෙන ලෙස රියදුරන් සහ ප්‍රදේශවාසීන් රජයෙන් නැවතත් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිග ලීයක් දැම්මා නම් ඔය අනතුර වෙන්නේ නැහැනේ...!
ඡායාරූපය බැලුවාම පේන්නේ ප්‍රමාණවත් සංඥා තිබූ බවයි.
පොළොන්නරුවේ දේශපාලන හැත්ත හොරා කෑවා මිසක් මිනිස්සුන්ට අවශ්‍ය දේ කරලා දුන්නේ නෑ... නිකන් කයිවාරුව විතරයි. කෝ රොෂාන් සිරිසේන...?