(යොහාන් භාසුර)
උත්සව සමය හේතුවෙන් ලබන සති අන්තයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් හදිසි නොවන නඩත්තු කටයුතුවලට විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන්නේ යැයි ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවදානය යොමු කළ බවත් නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පියවර ගතයුතු බවත් අමාත්‍යවරයා කීය.
සති අන්තවල අනවශ්‍ය ලෙස කරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල මුදලක් වැයකිරීමට සිදුව ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.