
(ජේ.ඉඳුරුවගේ)
බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය 2020,2021,වෙනුවෙන් නියමිත පරිදි නොපැවත්විණි. දහම් පාසල්වලින් මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
මෙතෙක් එම ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් ඒවා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්‍රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමට හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය කාගේද නොදනිමි. මෙවර උසස්පෙළ කරන දරුවන් ලක්ෂ ගණනකට මේ විභාගයට පෙනී සිටීමට නොහැකිවනු ඇති. උගතුන් යයි සම්මතව උඩ පුටුවල ඉන්න අය මීටවඩා පුළුල්ව සිතා තීරණගත යුතු යැයි සිතමි...!
ලිපියේ මාතෘකාව දැක්කාම හරිම බයක් ඇතිවෙනවා.