
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් ප්රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා කීය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඩොලරයේ අගය සියයට 11කින් පහල දැමීමට හැකිවූ බවද අපි මේ වෙනස් කම් කළේ නැතිනම් තවමත් උන්ඩියල් කරන අය ඩොලරයේ වටිනාකම තීරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ මිස්ටර්, ඔහෙට එහාට පනී මෙහාට පනී.. අපිව මේ සැරේ අන්දන්න ලැබෙන්නේ නැහැ. ඔය ඩොලර් බිලියන 3.6 රනිල් අතින් දාලාද කරන්නේ...? ඔය ඩොලර් රටට ගලාගෙන එන එක කවුරු ජනාධිපති වුනත් රටට ගලාගෙන එනවා. හැබැයි එදා අනුර ජනාධිපති වුනත්, සජිත් ජනාධිපති වුනත් ඔහේගේ රනිල්ට වඩා අද මීට වඩා රට හොඳට තියනවා..!
මිනිස්සුන්ට කන්න ජීවත් වෙන්න තියෙන පඩි වැටුප් හූරන් කාලා කන්න තියෙන කෑම ටිකටත් වැට්බදු ගහලා සල්ලි එකතුකරගෙන මහලොකු වීරකමක්, දක්ෂකමක් කළා වගේ පන්පොරි ගහනවා. හැබැයි තමුන්ගේ ගජ මිතුරු ජාවාරමුන්ගෙන් නම් අතින් එක තඹයක් වත් හොල්ලන්නේ නැහැ. ඔය දක්ෂකමට අපිත් නිසි වේලාවට හොඳට සලකන්නම්...!
කිසිම නිෂ්පාදනයක් නොකර, කිසිම ලාබ ලබන ආයෝජනයක් නොකර... ණයවලින් දියුණු වන ලෝකයේ එකම රට. ඔබලා කාටද මේවා කියන්නේ? අනේ නිකන් යන්න. රෙදි ඇඳගෙනද ඔය බොරු කියන්නේ...?
ඔය කාලසීමාවට නොගෙවපු විදෙස් ණය කොපමණද? ලබන අවුරුද්දට ගෙවීමට ඔය සංචිතය ඇතිද?
අපි තමුන්ගේ රඟපෑම් ගැනත් දන්නවා. ඔය කියන විදියට ඉහළ ගියානම් මොනවා කරන්න බැරිද? දේශපාලුවන්ට නම් අවුලක් නැතුව ඇති. ජනතාවට එදාවේලවත් කන්න විදියක් නැතුව ඉන්නේ...
මොනවද මේ දොඩවන්නේ?
මුළු රටම ණයබරින් මිරිකී සිටින අවස්ථාවක තවත් විදෙස් ණය අරගෙන තමයි මේ සංචිත ඩොලර් බිලියන 3.6 කළේ. එයත් සැක සහිතයි. මේවා කියන්නේ කාව මුලා කරන්නද? ඩොලරයේ අගය කවදාවත් පහළ වැටුණේ නැත. වසර කිහිපයකට පෙර රුපියල් 200ට තිබූ එම අගය දැන් රුපියල් 330 ඉක්මවා යයි. මෙවැනි කතාවක් කරන්න ඔබ දන්න ආර්ථික විද්‍යාව කුමක්ද?
පව් අනේ, දහඩිය මහන්සියෙන් ජීවිත කාලයම හම්බ කරපුවා නේද මේ සංචිතයට දාලා තියෙන්නේ...?
බල්ලගේ වැඩේ බූරුවා කරනවා... මේකේ කී දෙනෙක් කියලා තිබ්බද?
සංචිත කිව්වේ ණය නේද? පාරම් බෑවාට ඔබලාගේ ආච්චිද ඕවා ගෙවන්නේ..?
කොරෝනා වසංගතයෙන් පසු ලෝකයම සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා. විදෙස් ශ්‍රමිකයින් ප්‍රමාණය වැඩිවෙලා. ඔවුන් එවන මුදල් රටට ලැබෙනවා. මහ බැංකු අධිපතිතුමා ඇතුලු උගතුන් ආර්ථික පරිපාලනය හොඳින් කරගෙන යනවා. කෘෂි නිෂ්පාදන වැඩිවෙලා. ඒ සේරම මෙයාලාගේ ගිණුමට දාගන්නවා.
එතකොට IMF ලෝන් එක ලැබිලාම නැද්ද?
ණය ටික ගෙව්වාම ඒක හරි....!
ඇමැතිතුමනි, මෙතරම් මහජනයා තලාපෙලා බදු අයකිරීමක් කරලා බිලියන 3.6ද සංචිතය? වෙන්න බෑ...
රටේ හම්බකරන මිනිස්සුන්ගේ සල්ලිනේ...!
මාර පොරවල් තමයි...
අම්මෝ! එච්චරටම ලංකාවේ ඩොලර් සංචිත වැඩි වෙලාද..? හැකි ඉක්මනින් රට රකින විරුවාට මේ රට බාරදීලා අර කපුටාව මුදල් ඇමැති කරලා, ඔය ඩොලර් සංචිත පිටරට ගිණුමකට බැර කරලා, ලංකාවේ රුපියල් කොළ ගොඩක් අච්චු ගැහුවා නම් අපි ගොඩේ ගොඩ...!!! කන්න නැතත් ඉන්න පුළුවන් රටකුයි මට නම් ඕනෑ...!!! අනික ඉතින් ලංකාවට මහලොකු ආර්ථික විජ්ජා කරන ජනාධිපතිලා ඕනෑ නැහැ. අර පිටරටවල ඉන්න "රට හරක් ටික" එවන ඩොලර් ටික හොරකම් නොකර ඉන්නවා නම් ආයේ කවුරුවත් අමුතුවෙන් ලංකාව ගොඩගන්න ඕනෑ නැහැ.. ඉබේටම ගොඩයනවා.
ණයට අරන් පන්නන්නේ කාට බේරෙන්නද? ආවද මිනිස්සු තවත් අන්දන්න...?
මොනවද මේ කියන විකාර..? ඔය කාලකණ්ණි දේශපාලකයින් නිසා නොව, රටේ ඉන්න අපි හැම දෙනාම කවදත් සල්ලි යැව්වේ රට වෙනුවෙන්, අවුරුදු 17-18ක් සල්ලි යැව්වේ බැංකු හරහා විතරමයි...!
තවමත් මේ තැන් රට පාලනය කරපු අය ගැන විශ්වාසය තබාගෙන ඉදිරියට යන්න බලාගෙන සිටින අපි වගේ මෝඩ රැළක්...
අනේ පව්... මෙයාට මාර මහන්සි ඇති ඩොලර් එකතු කරලා... අර චීනෙන් ආපු ණය සල්ලි ටිකයි IMF එකෙන් දෙන ළූණු බිකයි... අමුණලා ලෝකෙට පරකාසේ දාන්න එපා.. ඔය ලණු ගිල්ල මිනිස්සු දැන් ටිකටික අඩු වේගෙන එන්නේ.. ඒක ඡන්දෙ දවසට පෙන්නන්නං.. දැන් ඔය බූරු කතා කිය කිය හිටපන්කෝ...!
ඕගොල්ලෝ ජෙප්පන්ට හපන්... කාවද මේ ගොනාට අන්දන්නේ? ජෙප්පෝ රාජපක්ෂලාට බැනීම ඡන්දේ ලබා ගැනීමට එකම ක්‍රමය හැටියට සලකනවා. රාජපක්ෂලාට බැනීමෙන් රට දියුණු වේවි කියලා හිතන ගොන් තඩියෝ ජෙප්පන්ට ජයවේවා කියනවා...!
දැන් මෙතන ණය ගෙව්වේ නෑ නේද? මිනිස්සුන්ට බදු ගහනවා, බඩු මිල වැඩියි, ඇයි තව ණය ගත්තේ කියන අයගෙන් අහන්න තියෙන දේ තමයි බංකොළොත් වූ මොන රටද අසීරුවක් නැතුව ගොඩ ආවේ කියන එක සහ මේ කරන ක්‍රමය හැර වෙන විකල්පයක් තියෙනවාද කියන දේ... එහෙම විකල්පයක් නෑ. ඒ නිසා අඩුපාඩු මැද හෝ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න යන මේ වැඩපිළිවෙළ නිකන් චව් චව් වගේ විවේචනය නොකර, විකල්ප ඉදිරිපත් කරන්න...
රට අස්ථාවර කරන්නේ ඔබලාගේ පංතියේ අය... ඒ මතින් යැපෙනවා ඔබලා, කොරපු හරිය හරි සැපයි දැන්.