(සමන් පාලිත නානායක්කාර)

ලීටර් 33,000 රැගත් තෙල් ප්‍රවාහන බහුසරයක් හරස් වීම හේතුවෙන් අද 23 රාත්‍රී 7.00 පමණ සිට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශයෙන් පැයක පමණ කාලයක් මාර්ගය අවහිර වූ බව හපුතලේ පොලීසිය කියයි.

තෙල් ප්‍රවාහන බවුසරයක් කන්ද ඇදීමට නොහැකිව නැවතී ආපස්සට විත් මාර්ගය හරස් වී නැවතී ඇති බැවින් එම ස්ථානයෙන් ගමනාගමනයට පැයක පමණ කාලයක් මුළුමනින්ම අවහිර වූ බවද පොලීසිය කියයි.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර බෑවුම් සහිත ස්ථානයක මෙම අනතුර සිදුවී ඇති අතර මේ වන විට තෙල් බවුසරයේ ඇන්ජිම කොටස ඉවත් කර එක් මන්තීරුවක් පමණක් ගමනාගමනයට විවෘත කළ බව හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතා පැවසීය.

වෙනත් බවුසර් ඇන්ජිමක් ආධාරයෙන් බවුසරය ඉවත් කර ගැනීමට කඩනමින් කටයුතු කරන බවද හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සේපාල රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.