වංචා දූෂණ සොයන කමිටුවලින් අරමුණු ඉටුකළ නොහැකියි ආණ්ඩුව වංචා දූෂණ සෙවීමට පත් කරන කමිටුවලින් අපේක්ෂිත අරමුණු ඉටු කළ නොහැකි බවත් එම කමිටු ‘හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ’ වැඩක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 12 September 2023
දුමින්ද නාගමුව සී අයි ඩී යට කැඳවයි මාධ්‍ය හමුවක් පවත්වමින් ටිරාන් අලස් මහතා වත්කම් පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලට අදාලව පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි. 12 September 2023
නාමල්ගේ අපල දුරුවෙන්න සළු පාලියක් පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වීය. 12 September 2023
නීතීඥ සංගමයෙන් කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන බව නීතීඥ සංගමය කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා හමුවී දැනුම් දුන්නේය. 12 September 2023
බෙල්ලන්විල වනජීවියේ සිටි කළු වඳුරු පැටවු සොරකම් කරලා බෙල්ලන්විල අත්තිඩිය වන ජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටව් සිවුදෙනකු සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය කියයි. 12 September 2023
බදුවලින් තැලෙන්නන්ට සහන මල්ලක් අධික බදු හේතුවෙන් පීඩාවට පත්ව සිටින වෘත්තිකයන් ඇතුළු පිරිස්වලට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් අරඹන බව මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පැවසූහ. 12 September 2023
දුම්රිය රියැදුරු වර්ජනය දිග්ගැස්සෙන ලකුණු දුම්රිය රියදුරන් ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ වැඩවර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා මීට සුළු මොහොතකට පෙර ‘ලංකාදීප’යට පැවසීය. 12 September 2023
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරයි දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. 12 September 2023
නිදන් හෑරූ හතරක් අත්අඩංගුවට පෞරාණික වස්තු සෙවීමේ අරමුණින් රක්ෂිත කැලෑවක් මැද කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගොඩ පොලිසිය පවසයි. 12 September 2023
ලංකාව න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුමට අත්සන් කරයි න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස 2001 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි. 12 September 2023
දරුවෙකු අපයෝජනය කළැයි විදුහල්පතිට වසර 7ක සිර දඬුවම් වසර නවයකට පෙර මන්නාරම ප්‍රදේශයේ පාසලක් තුල බාලවයස්කාර දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විදුහල්පතිවරයකු බරපතල වැඩසහිත වසර හතක සිරදඬුවමක් නියමකරන ලෙස මන්නාරම මහධිකරණ විනිසුරු එම්.එම්.මිහාල් මහතා නියෝග කළේය. 12 September 2023
තේ සමාගමට කෝප් කමිටුවෙන් මල්මිටක් කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම කෝටි 200ක ආදායමක් පසුගිය වසරේදී උපයා ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම සමාගමේ පාලනාධිකාරියට ප්‍රශංසාව පුද කළේය. 12 September 2023
කාන්තාවන්ට අලුත් කොමිසමක් කාන්තා අයිතිවාසිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව යන කටයුතු සඳහා නායකත්වය ලබා දීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම සාධාරණත්වය සහ සම සමානත්වය සම්බන්ධයෙන් වන ගැටලු සදහා මැදිහත් වීමට විෂය බාර අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත අවකාශ නිර්දේශ ලබා දීමට හැකිවන පරිදි ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි. 12 September 2023
විදුලි වාහන ආනයන කරන්න අවසර ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අරමුණින් තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 12 September 2023
මාස 4ක් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග හතරක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 September 2023
සත්ව බෙහෙත් මිල වැඩිවීම ගැන ඇමති වාර්තාවක් කැඳවයි සත්ව පාලන කටයුතු වල දී භාවිත කරන ඖෂධ මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිළිවෙළක් හදන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 September 2023
උද්ඝෝෂකයෝ ලෝටස් පාර වසති රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව මුදල් අමාත්‍යයංශය ඉදිරිපිට මේ වන විට පවත්වන උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 12 September 2023
නඩු භාණ්ඩ කාමරයෙන් කේරළ ගංජා අතුරුදන් වෙයි යාපනය ,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ 50ක තොගයක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි. 12 September 2023
දුම්රිය වර්ජනයෙන් මගීහු නන්නත්තාර වෙති දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් ගමන්වාර 50 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 12 September 2023
අලි සබ්රි රහීම්ට මැති සබා කමිටු තහනම් රුපියල් කෝටි අටකට ආසන්න වටිනා රත්රන් සහ ජංගම දුරකතන තොගයක් ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියමවු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ඔහු නියෝජනය කරන සියලුම කමිටුවලින්ද ඉවත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කතානායකවරයාට පසුගියදා බාර දෙනු ලැබීය. 12 September 2023
දුම්රිය වර්ජනය නිසා ඉංජිනේරු සිසුවා මරුට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ. 12 September 2023
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට කැබිනට් අනුමැතිය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 11 September 2023
සිව් හැවිරිදි දියණිය නිදි ඇඳේම මිය ගිහින් නිදාගෙන සිටි සිව් හැවිරිදි දැරියක් අද දහවල් හිටි හැටියේ මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 September 2023
මහරගම වැඩබලන නාගරික ලේකම්ට චෝදනා පත්‍රයක් මහරගම නගර සභාවේ වැඩ ලබන ලේකම්වරයාගේ අක්‍රමිකතා සහ දූෂණ ක්‍රියා යැයි සඳහන් කරමින් එම නගර සභාවේ හිටපු උප සභාපති බන්දු ජයසිංහ මහතා ඇතුළු සමාජ ක්රියාකාරිකයන් පිරිසක් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාට චෝදනා පත්‍රයක් අද (11) භාරදුන්නේය. 11 September 2023
මොහු ගැන දන්නවා ද ? නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට උපකාර කළ බව කියන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල් රවිදු සංදිප ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. 11 September 2023
වට්ටක්කා ගොවීන්ට හතේ හත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහළ බැසීමත් සමග හබරණ වට්ටක්කා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 11 September 2023
කළුතර හතරක් පෝරකයට තියුණු ආයුධවලින් සහ මොට ආයුදවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද මරණ දඩුවම නියම කළේය. 11 September 2023
මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම දැනුම් දුන් බව, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් පෙන්වා දුන්නාය. 11 September 2023
ගුරු උපදේශකයා දැරියගේ අනාගතය වනසලා පෞද්ගලික උපකාරක පන්තියක දී 14 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කරන ලදැයි කියමින්ගුරු උපදේශකවරයෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 September 2023
හොර සහතික පෙන්නා ගුරු පත්වීම ගත් සිවිල් ආරක්ෂකයා මාට්ටු අපොස උසස් පෙළ සමත් බවට ව්‍යාජ අධ්‍යාපනය සහතිකයක් ඉදිරිපත් කර ගුරුපත්වීමක් ලබාගෙන සිටි සිව්ල් ආරක්ෂක භටයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026