(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඒ පිළිබඳ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.
ඔවුන් එම ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇත්තේ නඩු දැමීම සඳහා උපදෙස් ලබා ගැනීමට බවද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද ? එහෙනම් ණඩේසන්ටත් නඩුවක් වැටෙයිද?
කවදා වගේ නඩු දමයිද දන්නේ නෑ නේ ? හදිසියේවත් ලිපිගොනුව අස්ථානගත උනොත් එහෙම?
ඕවට ක්‍රියාකරන්නේ ඉබි ගමනේ නේද? අහිංසක මිනිහෙක් සුළු වංචාවක් කළා නම් කොහොමද ඉක්මන...?
හැමදේම කල්මරනවා. ඕක ඉක්මන් කළොත් භාණ්ඩාගාරයට සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්නේ... අතිකාල දීලා හරි ඕක ඉක්මණට නඩුදාන්න කියලා කියනවා ... කෝ ඇමැති...?