(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා මාල කැඩුවා යැයි පොලිස් පොතක පැමිණිල්ලක් පෙන්නුවොත් හෙට පාර්මේන්තුවෙන් ඉවත් වී ආයුබෝවන් කියා ගෙදර යන බව පොදු ජනපෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඕනෑම කෙනකුට පොඩි කාලේ ගෙදරට කියන නමක් තිබෙන බව කී අබේගුණවර්ධන මහතා තමාට ගෙදර අය ආදරේට කිව්වේ රත්තරන් කියන නම යැයි ද නමුත් මාල කැඩීම නිසා රත්තරන් යැයි තමා හඳුන්වන බවට දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය විසින් සමාජගත කර ඇතැයි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
තමා මාල කඩනවා දැක්ක එක්කෙනෙක් හෝ ඉන්නවා නම් ඉදිරිපත් වන්නැයි අභියෝග කරන බවද අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඔන්ලයින් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්ක එකා ඉස්සරහට ආවොත් ඊළඟ මොහොතේම එයාට යුක්තිය ඉටුවෙයි...!
හැම හොරාම අහුවෙන්නේ නෑ...!
යන්නේ කොහේද මල්ලේ පොල්. මේකෙන්ම රත්තරං මොළයක් ඇති බව පේනවා.
පොලිසියට අහුවෙන්න කවුද මේවා කරන්නේ?
ඒ දවස්වල පොලිස් වාර්තා ඩිජිටල්කරණය කරලා පොත්වල ලියලා නැහැ. මට විශ්වාසයි මීට අවුරුදු 30කට 40කට විතර කලින් මග්ගොන පොලිසියේ පොලිස් පැමිණිලි පොත් අද නැහැ කියලා. ඔබ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙන්න කලින්, ඔබට සමීප අය ඉතිහාසය දන්නවා. ඔබේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුවට දෙන්න අවශ්‍ය නැහැ...
මාලටික කඩාගෙන පයාගල ලයිට් එකේ කෝච්චිය නැවැත්තුවාම පැනලා දුවන්නේ ඔයා නෙවෙයි මම….? ඔයා බබා….
රුහුණු කුමාරි කෝච්චියෙන් ඇහුවොත් කියයි මාල කඩපු හැටි ඉස්සර ගල්කිස්ස ස්ටේෂම පහුකරන කොටම කෝච්චියේ දම්වැල අදිනවාලු මනුස්සයෝ අන්න මාල කඩාගෙන හොරෙක් පැන්නා කියලා එහෙමයි අපි නම් අහලා තියෙන්නේ...! ඔයා මොකටද කේන්ති ගන්නේ රත්තරන්...?
විරුද්ධ වාදීන් කියන හැමදේටම උත්තර දෙන්න යන්න එපා....!
මගේ මාලෙ නම් කැඩුවා කෝච්චියේ ගාලු යනකොට... නමුත් එයාගේ නම දන්නේ නැහැනේ...!
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක පරයෙක්ටවත් පිරිසිදු චරිතයක් නැහැ. ඔවුන් බයයි ඔවුන්ගේ චරිතාපදානය එළියට එනවාට...
අපි නොදන්න ලයිව් නේද මෙයා...?
හොරු කවද්ද පේන්න මාල කැඩුවේ...? මාලේ කඩාගෙන යන කෝච්චියෙන් පැන්නා කියලා තමයි කියන්නේ...
අදහස් පලකරන්නත් බයයි. පනත නිසා...!
ඔහු තම නම රෙදි සෝදන්නට “කුකුළා සහ ගොනා කතාවක්” සමඟ එළියට පැමිණියේය. කතාව ඔප්පු කරන්න එන ඕනෑම කෙනෙක් දේශපාලන මාෆියාව එක්ක කිසියම් වෙලාවක අඩි 6ක් යට වෙනවා.