
( චන්ද්‍රසේන ගමගේ)
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම මැද එළිය ප්‍රදේශයේදී අද(24) දහවල් වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
බේරුවල ප්‍රදේශයේ සිට කතරගම බලා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථය ගමන් කළ මංතීරුවෙන් පිටතට ගමන් කොට ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.
අනතුරෙන් වෑන් රථයට බරපතල හානි සිදුව තිබුණු අතර එහි ගමන් කළ සිවු දෙනෙකු තුවාල ලබා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd