(අංජුල මහික වීරරත්න)
අරුවක්කාලු කසල ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආයෝජකයින් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන ගැටළුවලට නිත්‍යානූකූල ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් ඔවුන්ට විසදුම් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා කීය.
එවැනි ප්‍රමාදයන් නිසා හා ඇතැම් රාජ්‍ය නිලධාරීන් කරන වැරැදි නිසා ආයෝජකයින් මෙරටට නැවත නොපැමිණිය හැකි බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd