හරක්කටා සී.අයි.ඩීයෙන් පැන යන්න හදලා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 6 වැනි මහලේ දී විශේෂ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලා යමට ගත් උත්සහයක් විශේෂ කාර්ය බළකායේ එම උප පොලිස් පරීක්ෂකවරයා සැකකරු සමග පොර බදා මහත් පරිශ්‍රමයක් යොදා මෙල්ල කර සිද්ධිය ව 11 September 2023
රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි. 11 September 2023
ශ්‍රීලනිප මහලේකම් පුටුවේ වැඩ බලන්න සාරතී දුෂ්මන්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරේ වැඩ බැලීමට හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කරනු ලැබ සිටී 11 September 2023
හොර ස්ටිකර් අරක්කු බෝතලයෙන් 2900 ගසා කාලා ව්‍යාජ ස්ටිකර් නිසා මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 2900ක බදු වංචාවක් සිදුවන බැවින් දැනට තිබෙන ස්ටිකර් ටෙන්ඩරය අවලංගු කර නැවත වහාම ටෙන්ඩර් කැඳවන්නැයි ක්‍රම සහ විවිධ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අදාල අංශවලට නියෝග කළේය. 11 September 2023
බඹරකන්දේ තනි වූ යුවළ ජී.පී.එස් තාක්ෂණයෙන් සොයා ගනී හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද 11 සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 11 September 2023
කෝටි 11ක දුම්වැටි රේගු දැලේ රුපියල් කෝටි එකොළහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි හතලිස් පන් ලක්ෂයක් රේගුවට ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ ග්‍රෑන්ඩ්පාස් , ග්‍රේ ලයින් බහාලුම් අංගයේ දී අද (11) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 11 September 2023
මරදානේදී දුම්රියක් පිලී පනී මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේදී පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 September 2023
කොහුවල - ගැටඹේ ගුවන් පාලම් කොටඋඩ හංගේරියානු රජයේ මූල්‍යාධාර යටතේ ඉදිකෙරෙමින් පැවති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිරිකිරීම් අත්හිටුවීමට සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 11 September 2023
ශෂි වීරවශගේ නඩුව වෙනත් මහෙස්ත්රාත්වරයෙක්ට ආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පවතින නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 11 September 2023
ඩ්‍රෝන යොදා පෝර ඉසින සාත්තරේ උගත් සෙනඟ ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන පොහොර යෙදීම කෘමිනාශක, වල්නාශක යෙදීම සහ බීජ වැපිරීම සම්බන්ධයෙන් විශේෂිත පුහුණුවක් ලැබූ ඩ්‍රෝන නියමුවෝ 16 දෙනෙක් විසිර ගියහ. 11 September 2023
දුම්රිය වර්ජනය අවසන් කොළඹ දුම්රිය අංගන 5හි සේවයේ නියතු දුම්රිය ධාවනාගාර පයින්ටූකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් අද (11) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. 11 September 2023
නිවසකට පැන තියුණු ආයුධවලින් පහරදීලා යාපනය නිර්වේලි ප්‍රදේශයේ නිවසට කඩා වැදුණු පිරිසක් එම නිවසේ තරුණියකට ඇගේ මවට හා සොහොයුරාට තියුණ ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව කෝපායි පොලිසිය පවසයි. 11 September 2023
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වයට දින දෙයි ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2023’ සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් මස 11 වැනි දින හෝ ඊට පෙර යොමු කළ හැකි බව එම අමාත්‍යංශය නිවේදනය කරයි. 11 September 2023
දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක දිරිදීමනා නොගෙවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයින් අද (11) උදේ සිට රාජකාරි වලින් වැලකී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය කම්කරු එකතුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පැවසීය. 11 September 2023
පෙම්වතාගේ පහර කෑ පෙම්වතිය මරුට එල්ලක්කල ප්‍රදේශයේ හෝටලයකදී ඉකුත් 2 දා පෙම්වතාගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ල බා වතුපිටිවල මූලික රෝහලේ සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවූ පෙම්වතිය මියගිය බව නිට්ටඹුව පොලිසිය පවසයි. 11 September 2023
කොළඹට කිරි කොළඹ හා අවට ප්‍රදේශවල නිවාස වලටම නැවුම් එළකිරි සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අද (11) සිට ඇරැඹීය. 11 September 2023
සිංගප්පූරුවේදී බිරිඳ ඝාතනය කළ ලාංකික සැමියා අත්අඩංගුවට සිංගප්පූරුවේ කටොන්ග් පළාතේ, සංචාරක හෝටල් කාමරයක, සිය බිරිඳ ඝාතනය කළේ යැයි චෝදනා එල්ල වූ ශ්‍රීලාංකික තරුණයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව, එරට මාධ්‍ය වාර්තා කරයි. 11 September 2023
කන්ටේනර් 965ක් වරායේ හිරවෙලා විවිධ භාණ්ඩ ඇතුළත් කන්ටේනර 965ක් පරීක්ෂණ කටයුතු පමාවීම හේතුවෙන් වරාය පර්යන්තයේ සහ රේගු අංගනවල සිර වී ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. 11 September 2023
කෘෂි නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට තිබූ බලයක් අත්හිටුවයි කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා කෘෂිකර්ම නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය කුරුණෑගල දිස්ත්‍රිකය ඇතුලත අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 11 September 2023
යතුරු පැදියේ ගැටී අයෙක් මරුට හොරණ පාදුක්ක මාර්ගයේ කැබල්ලගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 11 September 2023
සෝමපුර විදුහලට අලි පහර දෙති කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැනුවර කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලයට වල් අලි කඩා වැදී ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි. 11 September 2023
රාජ්‍ය නිලධාරීන් ගැන 1905 ට කියන්න දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. 11 September 2023
තැපැල් නිල වෙබ් අඩවියෙන් මුදල් වංචාවක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවත් එම වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්‍රියා සිදු කරන බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2023
රුසියානුවාට පහරදී මුදල් කොල්ලකාලා හබරාදූව ,තල්පේ ප්‍රදේශයේ පිහිටි ආයතනයක් තුළ දී රුසියන් ජාතිකයෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන රුසියන් ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසිය පරික්ෂණ පරීක්ෂණ පවත්වාගෙන යයි. 11 September 2023
මඩකලපුව ගැඹුරු මුහුදේ භූ කම්පනයක් මඩකලපුව වෙරළට කිලෝමීටර 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසීය. 11 September 2023
බසය ට්‍රාන්ස්ෆෝමරයේ ගැටෙයි අම්බලන්තොට නගරයේ විදුලි ට්රාන්ස්ෆෝමරයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්වී අම්බලන්තොට නගරය ඇතුළු අවට සිට විදුලිය විසන්ධි වී තිබේ. 11 September 2023
අදත් විටින් විට තද වැසි බස්නාහිර සබරගමු, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 September 2023
’’ආර්.එම්.වී’’ කෝටි 30 ක් වතුරේ යවලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 11 September 2023
පුලතිසි දුම්රියේ ගැටී කෙනෙරක මරුට කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් ඇති බව වැලි කන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි. 11 September 2023
ඉන්දියා - පාකිස්තානය තරගය හෙට නැවතත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30 ට තරගය අත්හිටුවීය. 10 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026