IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සජබ අලුත් ජාවාරමක් පටන් අරගෙන

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණ වලට ගෙන්වන ජාවාරමක් පටන්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

එලෙස උද්ඝෝෂණ වලට එන ජනතාවට බිලි පූජා ලබාදීමේ කොන්ත්‍රාත්තුව සමගි ජන බලවේගයේ යහමින් මුදල් ගැවසෙන දෙදෙනකුට පවරා ඇතැයි කී රංගෙ බණ්ඩාර මහතා මෑත දිනකදී කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයකට සහභාගී වන අයට පුද පඬුරු ලබාදීම සඳහා ඔවුන් දෙදෙනාගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ඉල්ලා ඇති බවද සඳහන් කළේය.

මෙම ධනපතියන්ගෙන් එක් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දහයක් දී ඔහුගේ අසුනේ ඉඳගැනීම සම්බන්ධයෙන් කුප්‍රකටව සිටින්නකු බවද රංගෙ බණ්ඩාර මහතා කීය.

මෙලෙස දොළ පිදේනි දී ජනතාව විරෝධතා වලට සහභාගී කර ගැනීම සැබෑ ජනතා හඬ යටපත් කිරීමක් මෙන්ම ජනතාවට කරන නිග්‍රහයක් යැයි රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (9)

සජබ අලුත් ජාවාරමක් පටන් අරගෙන

Prabha Tuesday, 23 January 2024 02:42 PM

ඔය සංස්කෘතියේ මහ ගෙදර unp කියන එකත් අමතක කරන්න එපා...

:       2       24

PATTA horaa Tuesday, 23 January 2024 03:41 PM

වැඩේ ඇත්ත තමයි. ඒත් ඉස්සා ඔලුවේ අසූචි තියාගෙන, අනිත් උන්ගේ කුණු පෙන්නනවා. ඔය වැඩේ නිර්මාතෲ ජේ.ආර්, ප්‍රේමදාස. දැන් යුඇන්පි යට ඔය දේවල් දීලාවත් සෙනඟ නෑ නේ. ගෙම්බෝ විතරයි. පොහොට්ටුවත් එහෙම තමයි. පිනට කකා බිබී ඉන්න වෙන්නේ තව මාස 9 යි.

:       4       18

Lakmal Tuesday, 23 January 2024 03:59 PM

අනේ වොඩ්කා, ජාතියේ පිනා අරන් ගෙදර යන්න...!

:       3       16

Gamini Tuesday, 23 January 2024 04:14 PM

කමක් නෑ... අපි සජබයට...!

:       6       10

ranjith Tuesday, 23 January 2024 04:15 PM

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා නන්නත්තාර වෙලා ඉඳලා දැන් පම්පෝරි ගහන හැටි...!

:       2       17

fairoos Tuesday, 23 January 2024 05:55 PM

බණ්ඩාර...!

:       0       2

[email protected] Tuesday, 23 January 2024 07:27 PM

ජාතික ජනබලවේගයට ජය වේවා !!! මාලිමාවට ජයවේවා...!!!

:       0       0

chinthaka Tuesday, 23 January 2024 07:29 PM

ජීවත්වෙලා හිටපු කාලේ, ද මු දසනායකට බය චන්ඩියා...

:       0       0

sara Tuesday, 23 January 2024 10:54 PM

රංගේ ඔයා කලබල වෙන්න එපා... බත් පැකට් සහ අරක්කු දී ජනතාව උද්ඝෝෂණවලට ගෙන්වනවා නම් අපි බලමු ඉදිරි ඡන්දේදී එජාපයද නැත්නම් සජබ දිනන්නේ කියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site