(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගෙන එන එකක් බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ජයමහ මහතා මෙසේ පැවසුවේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
නලින් බණ්ඩාර ජයමහ මහතා මෙසේද පැවසීය.
මේක අනීතික පනතක්. සංශෝධන ආංශික කමිටුවට ඇවිල්ල සම්මත වෙලා නැහැ. පනත ගේන්නේ කඩිමුඩියේ. ආණ්ඩුව ඉන්නේ ලොකු භීතිකාවක. ඔවුන් දන්නවා කොයි මොහොතක හරි සමාජ නැගිටීමක් වෙනවා කියලා.
වැට් එක සියයට දහ අටක් ගහලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා.
මොන පනත් ගෙනාවත් ජනාධිපතිවරණය තව මාස කීපයකින් පවත්වන්න වෙනවා. මේ අයට සේෆ්ටි බිල් වලින් බේරිලා ඉන්න බැහැ. සේෆ්ටි හවුස් වලට යන්න තමයි වෙන්නේ. තමන්ගේ කතිරයෙන් මෙයාට පිළිතුරු දෙන්න බලාගෙන ඉන්නවා. මේ පනත් වලින් එතකොට බේරිලා ඉන්න බැහැ. පිළිතුර ආවම ඇඩ්රස් නැති වෙනවා. සමග ජන බලවේගය මේ පනතට විරුද්ධයි. මේ 2024 වසරේ බිහිවන සමග ජන බලවේගය ආණ්ඩුවක් යටතේ මාධ්‍ය නිදහස ලබාදෙනවා.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්ලයින් පනත රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවට ගේන එකක්
kassapa Tuesday, 23 January 2024 04:00 PM
ඒ කියන්නේ සමාජ මාධ්‍ය හරහා බොරු බේගල් පතුරවමින් මිනිස්සුන්ගේ චරිත ගාතනය , ගැනුන්ගේ වීඩියෝ ප්‍රචරය , වඳ කොතු වගේ බේගල් කියමින් ජාතිවාදය වැපිරීම වගේ දේවල් හොඳයි කියල අප්පුහාමි කියන්නේ? මේවට නීති නොගෙනාවොත් මේවගේ තිරිසන් වැඩ කරන උන් ස්වේච්චාවෙන්ම මේවා නවත්වාවී කියලද ඔහේ කියන්නේ? බලාගෙන පරිස්සමින් වාඩි වෙන්න . මොකද මොලේ තැලෙන්න පුළුවනි. මොන ගොන් කතාවක්ද මේ මනුස්සය කියන්නේ? බලාගෙන ඉන්න පුතනෝ දිනලා පියානෝ ගහනකන් . ඒවා හීන තමයි
RamaniTuesday, 23 January 2024 11:15 PM
සමාජ මාධ්‍යයේ තියෙන්නේ අසභ්‍ය දේවල් පමණක් නොවෙයි, සුදු බන්ඩෝ. ලෝකයට අත්‍යාවශ්‍ය බොහෝදේවල් සමාජ මාධ්‍යයේ සැරිසරනවා. ඒවාත් සමග බැලුවාම ඔය කුණුහරුප කතන්දර 5% කටත් අඩුයි. හොඳයි සමාජ මාධ්‍ය වාරණය කරලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔයාගේ ආණ්ඩුව සමාජ මාධ්‍ය වාරණය කලොත් අපි ළඟ තවතව ක්‍රම ඕනෑතරම් තියෙනවා සුදු බන්ඩෝ. ඔයා තවම අමුඩේද අඳින්නේ?රනිල් ළඟදීම ඔයාගේ අමුඩෙත් ගලවයි.. ඔබ වැනි බින්කුන්ඩන් මේ රටේ ජීවත්වෙනකම් රටට යහපතක් වේවිද?
සන්කා Tuesday, 23 January 2024 05:36 PM
නලීන් මන්ත්‍රී තුමා හරි... නැවත අරගලය එන්නේ මේ කම්බ හොරු රැල ඉවරම කරලා ලන්කාව මේ චවුර වලල්ලෙන් බේරාගන්න. ඒ බව දැනිලා තමයි මේ මර්දන පනත් ගේන්නේ. ජනතා බලය කොච්චරද කිව්වොත් ගෝඨාභයව රටින් එළවලා පදිංචි වෙන්න වෙන රටක් හොයාගන්න වත් බැරි වුණා. මෙයාට වෙන්නෙත් ඊටත් එහා දෙයක්ම තමයි...
Bamunuarachchi Wednesday, 24 January 2024 02:51 AM
බලයට ආවොත් ඕගොල්ලන්ටත් ආරක්ෂාව තිබෙනවා ජෙප්පන්ටත් ආරක්ෂාව තිබෙනවා නේද? එහෙනම් කියනවා අපි බලයට ආවොත් මේ පනත අහෝසි කරනවා කියලා...